බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණයක් මඟින් නිකුත් කර තිබෙන වරෙන්තුව හා සම්බන්ධ ක්‍රියාදාමය යළි සමලෝචනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක් කරයි.
අන්තර්ජාතික නීතිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය කිසියම් වැරැදි වැටහීමක සිටින නමුත් කිසියම් නඩු විභාගයක දී තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ දී අන්තර්ජාතික නීතිය සැලකිල්ලට ගත යුතු බව ද මේ වැරැදි වැටහීම නිවැරැදි කිරීම සඳහා අදාළ ක්‍රියාවලියම යළි සමාලෝචනය කළ යුතු බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෙම්ස් ඩෝරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳ වූ අතර, එහි දී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කර තිබෙන වරෙන්තුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ බව ද එම අමාත්‍යාංශය පවසයි.
බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු කාර්යාලය හරහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මීට පෙර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හා සියලු වරප්‍රසාද හිමි නිලධාරියකු වන බැවින් අපරාධ සහ පරිපාලනමය ඇතුළු කාරණාවලදී වියානා සම්මුතියට අනුව නීතිමය ක්‍රියාදාමයකට යටත් කළ නොහැකි බවට මීට පෙර දන්වා තිබෙන බවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහි දී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකුට අධිකරණයක් හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ ද රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හිමි බැවින් එවැන්නක් සඳහා පිළිතුරු සැපයීම අවශ්‍ය නැතැයි පෙන්වා දුන් රවිනාථ ආරියසිංහ මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් නැවත සොයා බලන ලෙස ද ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය අන්තර්ජාතික නීතිය සම්බන්ධයෙන් වැරැදි වැටහීමක සිටින අතර, රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුට මුක්තිය හිමියැයි නොසළකා මේ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන බව ද එම වැරැදි වැටහීම යළි නිවැරැදි කිරීම සඳහා මේ කාර්යපටිපාටිය නැවත සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෙම්ස් ඩෝරිස් මහතාගෙන් ඉල්ලීමක් කළේය.
0 Comments