Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාර්ලිමේන්තු ගැටුමේ අලාභය 3.25000ක්

පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට ඒ සඳහා පත් කළ විමර්ශන කමිටුව විසින් චෝදනා එල්ල කර තිබේ.
 
පසුගිය වසරේ නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවල ඇති වූ අදාල ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ විමර්ශන කමිටුව මෙම මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල කර ඇති බව වාර්තා වන්නේය.

පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම්කාරි තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරිම සඳහා කථානායක කරූ ජයසූරිය විසින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබුවේය.

අදාල කමිටුව පසුගිය 22 වන දින සිය වාර්තාව කථානායක කරූ ජයසූරියට භාරදී ඇති අතර එම වාර්තාවේ අඩංගු කරුණු බී.බී.සී සන්දේශය ප්‍රසිද්ධියට පත් කර ඇත.

මන්ත්‍රීවරුන් 59 දෙනෙකු පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ වගන්තිවලට එරෙහිව කටයුතු කර ඇති බවට එම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති බව බී.බී.සී සන්දේශය පෙන්වා දෙන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවර‍යෙකු එම චෝදනා ලැබූ මන්ත්‍රීවරුන් අතර සිටින බව සදහන්.

අදාල වාර්තාවට අනුව වැඩිම වාරයක් නම සදහන්ව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරගේ වන අතර චෝදනා 12කට ඔහුගේ නම සඳහන් වී තිබේ.

ඊට අමතරව වැඩිම වාර සංඛ්‍යාවක් චෝදනා එල්ල වි ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදය ශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාටයි.

දිලුම්  අමුණුගම, ආනන්ද අලුත්ගමගේ, ඉන්දික අනුරුද්ධ, මහින්දානන්ද අලුත්ගමගේ, පාලිත තෙවරප්පෙරුම, රංජන් රාමනායක, අරුන්දික ප්‍රනාන්දු, නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු මන්ත්‍රීවරුන් 59 දෙනෙකුගේ නම් අදාල වාර්තාවේ සඳහන් කර තිබේ. 

මෙම දින තුන තුළ සිදු වූ දේපලහානිය රුපියල් තුන් ලක්ෂ 25,000ක් ලෙස තක්සේරු දෙපාර්තමේන්තු ඇස්තමේන්තු කර ඇති බව ද කථානායකවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්.

පාර්ලිමේන්තුවේ සභා ගැබ තුළ සිදුවන සිදුවිම් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත මගින් ආවරණය වී ඇති බවට පල කරන මතය ද ප්‍රතික්ෂේප කර ඇති එම කමිටුව මෙම මන්ත්‍රීවරුන්ට නිසි ක්‍රියාමාර්ග ගැනිම අත්‍යාවශ බව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();