Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මාර්තු 31දා ඇරැඹීමට සැලසුම්

Author(s): 
මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ ඉදි කරන විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වන ශ්‍රී ලංකා කොරියන් ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය එළඹෙන මාර්තු මස 31දා වන විට සිසු අයිතියට පත්කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ මේ පුහුණු මධ්‍යස්ථානය ඉදි කෙරෙන අතර, ඒ අනුව මාර්තු මස 31 වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කොට පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමට පියවර ගෙන ඇත. ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ඉදි කරන මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 16.85ක පමණ මුදලක් වෙන්කර තිබෙන අතර, කොරියානු එක්සිම් බැංකුව අරමුදල් සපයයි.

කොරියානු ආර්ථික හා තාක්ෂණික විශේෂඥ දැනුම භාවිත කරමින් 21 වැනි සියවස සඳහා අවශ්‍ය නිපුණ තාක්ෂණඥයන් බිහි කිරීම වෙනුවෙන් කොළඹ නගරය තුළ අංග සම්පූර්ණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම මෙහි අභිලාෂය වී තිබෙන අතර, ශ්‍රී ලාංකික තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පාඨමාලාවන් රැසක් ද මෙමඟින් හඳුන්වාදීමට නියමිතය.

අති නවීන පහසුකම්වලින් සමන්විතව ඉදි කරන ශ්‍රී ලංකා කොරියන් ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සියලු පාඨමාලා සඳහා අවශ්‍ය තාක්ෂණ වැඩහල්, දේශන ශාලා, ශ්‍රවණාගාරය, පුස්තකාල පහසුකම්, ආපන ශාලා, නවාතැන් පහසුකම්, භාෂා විද්‍යාගාර පහසුකම්, භාෂා විද්‍යාගාර සහ පරිගණක විද්‍යාගාරවලින් ද සමන්විත වෙයි.

පාඨමාලා රැසක් මේ මධ්‍යස්ථානයෙන් හඳුන්වා දෙන අතර, මෝටර් රථ තාක්ෂණය, ශීතකරණ හා වායු සමීකරණ තාක්ෂණය, පෑස්සුම් තාක්ෂණය, CNA තාක්ෂණය, විදුලි තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය, Automation and Robotic තාක්ෂණය සහ Dnumatic and Hydrolic තාක්ෂණය ඒ අතර වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();