Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපි නැවතත් පාසල් යමු 2019

1932 වර්ෂයේ ගබඩාවීදිය මිශ්‍ර පාසල ‌ලෙස ඇරඹුම සනිටුහන් කරමින් පසුව මාතර මහා විද්‍යාලය ලෙසත්, මාතර මධ්‍ය මහා විද්‍යාලය ලෙසිනුත් පසුව ජාතික පාසලක් දක්වාම ඉදිරියට පැමිණි මාතර නගරයේ ඇති එකම ප්‍රධාන මිශ්‍ර ජාතික පාසල මාතර මධ්‍ය මහා විද්‍යාලය යි.

සිසු සිසුවියන් තුන්දහසකට (3000) ආසන්න ව මෙන්ම 150කට වැඩි දයාබර ගුරු මණ්ඩලයකින් සමන්විත මාතර මැදි විදුහලෙන් සිප් සතර හැදෑරූ දරු දැරියන් ගණන අති මහත් ය.

එසේ අතීතයට එක් වූ එහෙත් තම ආදරණීය පාසල් මෑණියන්ට ඉමහත් ලෙස ආදරය කරන, ගෞරව කරන අප කීර්තිමත් ආදි සිසු සිසුවියන්ගේ පාසල් පුනරාගමනය සටහන් තබන්නට මාතර මධ්‍ය මහා විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය ‘අපි ආයෙත් පාසල් යමු 2019’ ලෙසින් වැඩසටහනක් සංවිධානය කොට ඇත.

2019 පෙබරවාරි 09 වැනි සෙනසුරාදා පාසල පටන් ගන්නා උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා මාතර මධ්‍ය මහා විද්‍යාලයීය ආදි සිසු සිසුවියන් වන ඔබ සැමත් ඒ සොඳුරු අතීතයේ ඔබට අනාගතය පෙන්වූ දයාබර ගුරු භවතුන් එක් වන පන්ති කාමරය වෙතට පිවිසෙන ලෙස විද්‍යාලයට හිතැති ආදි මාතර මධ්‍ය මහා විද්‍යාලයීයන්ට කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය ආරාධනය කර සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();