මේෂ ලග්නය
කලකට පසුව මේෂ ලග්න හිමියන්ට ජයග්‍රාහී පුවතක් ගෙන එමින් 2019 නව කැලැන්ඩර් වසර උදාවෙයි. ඔබේ කේන්දරයේ 1 සහ 4 යන කේන්ද්‍රස්ථාන දෙක පිළිවෙළින් යුරේනස් සහ රාහු යන උග්‍ර වායූ බලැති ග්‍රහයන් දෙදෙනා වෙතින් උත්තේජනය වීම හිතකර නොවන නමුත් මාර්තු මාසයේ අග භාගයේ සිට රාහු ග්‍රහයා 4 වැන්නෙන් ඉවත්ව 3 වැන්නට පිවිසීම ඔබට ඉතා සුබදායක වෙයි. ඔබගේ කේන්දරයේ ලග්නයේ යුරේනස් ද 4 වැන්නේ රාහු ද 8 වැන්නේ ගුරු ද 9 වැන්නේ සෙනසුරු ද 10 වැන්නේ කේතු ද 11 වැන්නේ නෙප්චූන් ද තැන්පත්ව සිටියදී 2019 නව වසර උදාවෙයි. මේ ග්‍රහ පිහිටීම් අතරින් රාහු ග්‍රහයා 4 වැන්නේ සිට තුන්වැන්නට මාරුවීම ඔබට වසර ආරම්භයේදී ම ලැබෙන ඉතා සුබ ඵලදායක අවස්ථාවකි. සිතේ පැවැති අසහනකාරී තත්ත්වය ගෘහස්ථානය යාන වාහන දේපල ඉඩකඩම් යනාදිය සම්බන්ධයෙන්යෙන් මෙතෙක් පැවති පීඩාවන් ඉවත්ව යන අතර ඔබේ සහජ හැකියාවන් ඉස්මතු කොට ගෙන බොහෝ සුබදායක ප්‍රතිඵල ලබාදෙන්නට 3 වැන්නේ ගෝචර වන රාහු ග්‍රහයා පියවර ගනී.එමෙන්ම මෙතෙක් දසවැන්නේ පීඩා දායක ලෙස තැන්පත්ව සිටී කේතු ග්‍රහයා 9 වැන්නට පිටත්ව යෑම නිසා ඔබගේ රැකියාව වෘත්තීය කටයුතු ව්‍යාපාර යනාදියෙහි මෙතෙක් පැවති පසුබැසීම් අසාර්ථකත්වයන් සහ අත්ත්කර ගැනීමට නොහැකි වූ ප්‍රගතිය යනාදිය ඔබට ඉතා වාසිදායක ලෙස පරිවර්තනය වේ ඒ අනුව 2019 වසර ඔබගේ රැකි රක්ෂා කටයුතු සම්බන්ධයෙන් කැපී පෙනෙන වෙනස්කම් ඇති කරනු ලබයි.
එහෙත් අටවැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයා ඔබගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි එතරම් හිතකර වන්නේ නැත. රුධිරගත මේදය රුධිරගත සීනි සහ අධික තරබාරුව වැනි හේතු නිසා රෝගාබාධ හට ගැනීමේ වැඩි අවදානමක් ගෙනදෙයි. ආහාරපාන ඇවතුම් පැවතුම් යනාදිය කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්ද්‍රයේ වයඹ දිසාව ඔබට අහිතකර ලෙස උත්තේජනය වන වසරක් වන හෙයින් ඔබ සතු බොහෝ දේ ආගමික සහ දානමාන කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට සිදුවන කාලයකි. එසේම අලූත් ආයෝජන ඇරඹීම සහ රැකී රක්ෂාවල වෙනසක් සිදුකිරීමට ප්‍රථම ඒ පිළිබඳව ඉතා හොඳින් අධ්‍යනය කිරීම අත්‍යවශ්‍ය වේ. අනපේක්ෂිත වන්දනා ගමන් සහ විදේශ ගමන් බහුලව යෙදෙන වසරකි. සමස්තයක් වශයෙන් ගත් කළ 2019 වසර ඔබට සුබදායක කාල පරිච්ඡේදයකි. අතිධාවනකාරී සහ උද්වේගකර මානසික වේගයන් පාලනය කර ගන්නා පමණට ඔබගේ සාර්ථකත්වය ඉහළ යයි. ජ්‍යොතිෂය අධි මානසික විද්‍යාව ගුප්ත ශාස්ත්‍රය සහ එවැනි අධ්‍යයන පර්යේෂණ කටයුතුවල නිරත වූවන්ට ඉතා සාර්ථක වසරකි.
/වෘෂභ ලග්නය/
මංගල කටයුතු හවුල් ව්‍යාපාර සහ සමාජ සබඳතා අතින් ඉතා සුබ කාල පරිච්ඡේදයකි. රාහු තුන්වැන්නේද ගුරු හත් වැන්නේ ද සෙනසුරු 8 වැන්නේ ද ගමන් ගනිමින් සිටියදී දස වැන්නේ නෙප්චුන් ද දොළොස්වැන්නේ යුරේනස් ද නව වැන්නේ කේතුද තැන්පත්ව සිටියදී 2019 නව වසර උදා වෙයි. මාර්තු මාසයේ අගභාගයේ සිට රාහු ග්‍රහයා ඔබේ කේන්දරයේ දෙවැන්නට පිවිසෙන අතර කේතු 8 වැන්නට ගමන් ගනී. ඔබගේ තැන්පත් ධනය සහ කට රැක ගතයුතු කාලයකි. ඔබගේ වචන සහ අහාරපාන රටාව හැකිතාක් පාලනය කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය වේ .එමෙන්ම කේතු ග්‍රහයාගෙන් අටවැන්න අහිතකර ලෙස උත්තේජනය වන හෙයින්ඔබගේ ගෘහස්ථානයත් ඇවතුම් පැවතුම් සිතිවිලි සහ ශාරීරික සුවතාව පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුය. හැකිතාක් ශමණකාරක පිළියම් කෙරෙහි යොමු විය යුතුව තිබේ. කෙසේ නමුත් අටවැන්නේ තැන්පත් සෙනසුරු ඔබේ ලග්නාධිපතියා වු සිකුරු නක්ෂත්රයේ ගමන් කරන හෙයින් අභියෝග සහ බාධක මැඩගෙන අනපේක්ෂිත ලෙස ඉදිරියට යාමේ අවස්ථාව ඔබ සතු වේ. හවුල් ව්‍යාපාර සහ මංගල කටයුතු සඳහා ඉතා සුබ කාලයකි.
ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්ද්‍රයේ ගිනිකොන සහ වයඹ යන දිශා දෙක අහිතකර ලෙස උත්තේජනය වන වන හෙයින් අඩමාන අලුත් අලුත් දේ කෙරෙහි යොමු වීමට උත්සාහ කරනු වෙනුවට වඩාත් ප්‍රායෝගික වන්නේ දැන්ට ඔබ සතුව පවතින දේ ආරක්ෂා කරගනිමින් ඒවායේ වැඩි වර්ධනය සඳහා කටයුතු කිරීමයි.
කෙසේ නමුත් දෙදහස් 2019 වසර අග භාගයේ සිට ඔබගේ ජීවිතයේ සුවිශේෂී ජයග්‍රාහී කාලපරිච්ඡේදය උදාවේ. ඒ දක්වා වූ කාලය ඉතා ඉවසීමෙන් සහ ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කිරීම ඉතා වැදගත් වේ .කොතෙක් බාධක පැවතියත් ඉතා නිර්මාණශීලී ලෙස අලුත් සංකල්ප වෙත යොමුවිය හැකිනම් ඔබගේ වෘත්තීය සහ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ප්‍රගතියක් ලැබිය හැකි කාල පරිච්ඡේදයකි.
/මිථුන ලග්නය/
කලබලය සහ කාර්යයක්ෂමතාව යන දෙක පටලවා නොගත යුතු කාලයක් උදාවෙයි. ජීවිතයේ අලුත් ම පරිවර්තනයකි. රාහු 2 වැන්නේද ගුරු 6 වැන්නේද සෙනසුරු 7 වැන්නේද කේතු 8 වැන්නේ ද නෙප්චුන් නව වැන්නේ ද යුරේනස් 11 වැන්නේ ද තැන්පත්ව සිටියදී උදාවන්නාවූ 2019 නව වසර ඔබට අභියෝගාත්මක මිශ්රපලදායක කාලපරිච්ඡේදයකි. මාර්තු මාසයේ සිට රාහු ග්‍රහයා ඔබේ කේන්දරයේ දෙවැන්නේ සිට ලග්නය මතට පිවිසීම ආංශික වශයෙන් ගත් කල සුබදායක පරිවර්තනයකි. ලග්නයට රාහු ග්‍රහයා එතරම් සුබ නොවුණත් මිථුන රාශියට රාහුගෙන් එතරම් අයහපතක් සිදුවන්නේ ද නැත.
මීට පෙර නොතිබූ වේගවත් ක්රියාකාරීත්වයක් ඔබ තුළින් පැන නගින අතර එය ඔබගේ යහපත සහ අයහපත යන දෙකටම එක සේ බලපෑම් කරයි. ඉවසිලිමත්ව දූරදර්ශීව ක්‍රියා කළහොත් මේ වසරේ දී ඔබට බොහෝ ජයග්‍රහණ ඉතා පහසුවෙන් ලබා ගත හැකිය. එසේම 6 වැන්නේ තැන්පත්ව සිටින ගුරු ග්‍රහයා ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට තරමක් අහිතකර ලෙස ක්‍රියාත්මක වන හෙයින් ආහාරපාන සහ ඇවතුම් පැවතුම් පිළිබඳ අතිවිශේෂ පාලනයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඔබේ කේන්දරයේ 7 වැන්නේ සෙනසුරු 2019 වස්ර මුළුල්ලේම සිකුරුගේ නක්ෂත්රයේ ගමන් කරයි. රැකියාව සහ වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් ඉක්මන්කාරී තීරණ ගැනීමෙන් වැළකිය යුතුය. ඔබේ කේන්දරේ නව වැන්නේ සහ එකොළොස් වැන්නේ තැන්පත් නෙප්චූන් සහ යුරේනස් ඉතා බලවත් වන හෙයින් අනපේක්ෂිත ජයග්‍රහණ සහ ඔබගේ පෞරුෂය ඉහළ නැංවෙන තනතුරු සහ අවස්ථාවන් උදාකර දෙයි.
ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්දරයේ නැගෙනහිර නිරිත සහ බටහිර යන දිසා ත්‍රිත්වය ඉතා බලවත් ලෙස උත්තේජනය වෙයි. මෙය සියලු අභියෝග මැඩගෙන සතුරන් පරාජය කොට ගෙන ඉදිරියට යා හැකි බලවත් තත්ත්වයකි. උද්වේගකර වූ ද ආවේගශීලි වූ ද ක්රීයාකාරීත්වයෙන් තොරව දූරදර්ශී ලෙස ක්‍රියා කළහොත් 2019 වසර මිථුන ලග්නයෙන් උපන් ඔබට සෑම සියලු අංශයකින් ම සුබදායක වේ.
/ කටක ලග්නය/
අභියෝග සහ අවාසි මැද ජයග්රහණයන් ලැබිය හැකි වසරකි. රාහු ලග්නයේද කේතු 7 වැන්නේ ද පස් වැන්නේ ගුරු ද 6 වැන්නේ සෙනසුරු ද අටවැන්නේ නෙප් චුන්ද දසවැන්නෙහි යුරේනස් ද තැන්පත්ව සිටියදී 2019 නව වසර උදා වෙයි.ලබන මාර්තු මාසයේ මැද මැද භාගයේ සිට රාහු ග්‍රහයා ඔබේ කේන්දරයේ දොළොස් වැන්නට පිවිසෙයි. 6 වැන්නේ සෙනසුරු ඉතා බලවත්ව ගමන් කරන හෙයින් එය ඉදිරි වසරක කාලයේදී ඔබට සතුරන් සහ බාධක අභිබවා ජයග්‍රහණය ලැබිය හැකි අවස්ථාවකි.එහෙත් රාහු ග්‍රහයා දොළොස් වැන්නේ ගමන් කිරීම එතරම් යහපත් නොවේ. එමෙන්ම කේතු ග්‍රහයාගේ හයවැන්නේ ගමන ද ඔබගේ සුබපල හීන කරවීමට හේතු විය හැක. එහෙයින් ඔබට ලැබී ඇති බලය සහ තනතුරු සිහිබුද්ධියෙන් යුතුව ප්‍ර යෝජනයට ගන්නවා මිස නැති බලයක් ආරෝපණය කරගෙන උද්වේගකර ලෙස ක්රියාකරන්නට ගතහොත් ඔබ විශාල අවදදානමකට මුහුණ දෙනු ඇත. නිදන්ගත රෝග සහ රහසිගත සතුරු කුමන්ත්‍රණ ආදියෙහි ගොදුරක් වීමට ඉඩ ඇති හෙයින් ඔබේ ශාරීරික සහ මානසික සුවතාව කෙරෙහි විශේෂයෙන් සැළකිලිමත් වන්න. ඔබේ කේන්දරයේ 6 සහ 9 අධිපති ගුරු ග්‍රහයා දසවවැන්නෙන් 8 වැන්න වූ පස්වැන්නේ ගමන් ගැනීම නිසා ඔබගේ රැකියාව සහ වෘත්තිය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සෑමවිටම ඉවසීම සහ දූරදර්ශී වීම ඉතා වැදගත් වන්නේ වැරදි තීන්දු ගත හොත් නීතිමය ප්‍රශ්න සහ මෙතෙක් ඔබ සතුව පැවති බොහෝ දේ අහිමි කිරීමේ අවදානමක් ද මතුවන හෙයිනි.
ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්දරයේ ඊශාන සහ නිරිත යන නිසා දෙක අහිතකර ලෙස උත්තේජනය වන හෙයින් අධිමානය සහ අධිතක්සේරුව යන දුබලතා මත ඉදිරි වසර කාලයේදී ක්‍රියාත්මක වීම එතරම් හිතකර නොවන බව මතක තබා ගැනීම් මැනවි.
/සිංහ ලග්නය/
කලකට පසුව සහනය සුවය සහ ජයග්රහණයන් අත්පත් කර ගන්නා නව වසරකි. ඔබේ කේන්දරයේ 4 වැන්නේ ගුරු ද පස් වැන්නේ සෙනසුරුද හත්වැන්නේ නෙප්චුන් ද නවවැන්නේ යුරේනස් ද දොළොස් වැන්නේ රාහුද 6 වැන්නේ කේතුද සිටියදී 2019 නව වසර උදාවෙයි. ලබන මාර්තු මස අගභාගයේ සිට රාහු ග්‍රහයා ඔබේ කේන්දරයේ එකොළොස්වැන්නට පිවිසීම ජයග්‍රාහී අවස්ථාවකි. කලකට පසුව ඔබේ ජීවිතයේ ඉතා වාසනාවන්ත ස්වර්ණමය කාල පරිච්ඡේදයක ආරම්භය ලෙස මෙය සැලකිය හැක. දැනට දොළොස්වැන්නේ ඉතා පීඩාකාරී ලෙස ගමන් කරන රාහු ග්‍රහයා එයින් මිදී එකොළොස්වැන්නට යෑම ධන ධාන්‍ය වස්තු සම්පත් අලුත් බලවත් තනතුරු මෙන්ම රැකීරක්ෂා වෘත්තිය කටයුතුවල ද දීප්තිමත් අවස්ථාවකි. පස්වැන්නේ සෙනසුරු වසරක කාලයක් පුරා සිකුරුගේ නක්ෂත්රයේ ගමන් කිරීම එක්තරා අතකින් ඔබට වාසිදායක වන අතර අනෙක් අතින් රැකියාව ආශ්‍රිතව අනපේක්ෂිත දුෂ්කර අවස්ථාවන් ද මතුකර දෙයි. එහෙත් වසරේ අග භාගයේ සිට මෙකී සියලු ග්‍රහචාරය ඔබේ වාසිය පිණිසම පරිවර්තනය වෙයි.
ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්දරයේ ඊසාන සහ නිරිත යන දිසා දෙකම සුබදායක ලෙස උත්තේජනය වීම නිසා අතීතයට වඩා අනාගතය ඉතා යහපත් වේ.
/කන්‍යා ලග්නය/
ඔබගේ පෞරුෂය ක්‍රියා කෞෂල්‍යය සහ උපායශීලීභාවය තියුණු ලෙස උරගා බැලෙන පරිවර්තනීය කාලයකි. ලග්නයෙන් තුන්වැන්නේ ගුරු ද 4 වැන්නේ සෙනසුරුද 6 වැන්නේ නෙප්චුන් ද අටවැන්නේ යුරේනස් ද එකොළොස්වැන්නේ රාහු ද පස්වැන්නේ කේතු ද තැන්පත්ව සිටියදී නව වසර උදාවේ. 2019 මාර්තු මස අගදී රාහු ග්‍රහයා ඔබේ කේන්දරයේ දස වැන්නට පිවිසීම බලවත් පරිවර්තනයකි. එහෙත් 4 වැන්නට පිවිසෙන කේතු ඔබේ වෘත්තිය කටයුතු කෙරෙහි බලවත් අභියෝගයක් ඇති කරයි. පස් වැන්නේ කේතුද හයවැන්නේ නෙප්චූන් ද අටවැන්නේ යුරේනස් ද ඔබේ සෞඛ්‍ය කෙරෙහි තර්ජනයක් ගෙන දෙයි.එහෙයින් ආහාර පාන සහ ඇවතුම් පැවතුම් ආදිය පිළිබඳව සුපරීක්ෂාකාරී විය යුතුය.
කෙසේ නමුත් ඔබගේ රැකී රක්ෂා කටයුතු සහ වෘත්තීය ව්‍යාපාර ආදියෙහි කැපී පෙනෙන වෙනසක් ඇති කරන වසරකි. සිතේ සහ ගෘහස්ථානය අශ්‍රිතව තිබූ පීඩාවන් මග හැරී යයි. එහෙත් ඉවසීම සහ දූරදර්ශී වීම අත්‍යවශ්‍ය වෙයි. අලුත් අලුත් දේ සොයා යෑම වෙනුවට තිබෙන දේ ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ.
ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්ද්‍රයේ උතුර දකුණ නිරිත සහ වයඹ යන දිසා හතරම විපරීත ලෙස උත්තේජනය වන හෙයින් බොහෝ අභියෝග සහ දුෂ්කරතා මතුව එන වසරකි. එහෙත් ඒවා ජය ගැනීමේ හැකියාව ද ඒ සමඟ ම මතුව එයි. ඉවසීමෙන් උපක්රමශීලීව ගත කළ යුතු අවස්ථාවක් බව මතක තබා ගැනීම මැනවි.
/තුලා ලග්නය /
රැකියාව වෘත්තීය තනතුරු බලය සහ සමාජමය ප්‍රතිරූපය අභියෝගයට සහ පරිවර්තනයට ලක්වන තීරණාත්මක වසරකි. ඔබේ කේන්ද්‍රයේ 2 වැන්නේ ගුරු ද 3 වැන්නේ සෙනසුරු ද 5 වැන්නේ නෙප්චූන් ද 7 වැන්නේ යුරේනස් ද 10 වැන්නේ රාහු ද 4 වැන්නේ කේතු ද පිහිටි ඉතා බලවත් ග්‍රහචාරයක් සහිතව 2019 නව වසර උදාවෙයි. ධනය බලය කිත් පැසසුම් සහ ඔබේ පෞරුෂය ඔප් නැංවෙන වාසනාවන්ත කාලයකි. එහෙත් මාර්තු මාසයේ අග භාගයේ සිට රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 9 වැන්නට පිවිසීමත් සමඟ ම ඉහත කී බලවත් ග්‍රහචාරයේ තරමක පසුබෑමක් හට ගනී. එය විශේෂයෙන්ම ඔබේ රැකියාව තනතුරු සහ ව්‍යාපාර යනාදිය වෙතින් නිරූපණය වෙයි. කෙසේ නමුත්2 වැන්නේ ගුරු සහ 3 වැන්නේ සෙනසුරු ඉතා බලවත්ව සිකුරුට අයත් නක්ෂත්රයේ ගමන් ගන්නා හෙයින් අවාසි පියවාගත හැකිය.කොතෙක් ජයග්රහණයන් ලැබූවත් ඔබගේ සිත සහ ගෘහස්ත පරිසරයේ කිසියම් අසහනකාරී ස්වභාවයක් හටගනී. එහෙත් නව නිවාස ඉදිකිරීමට යහපත් කාලයකි. විවාහය සහ හවුල් ව්‍යාපාර ආදිය සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුය.ඉතා නිර්මාණශීලී අදහස හට ගන්නා අතර ඒවායින් විපුල ඵල ලැබේ.
ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්දරයේ ගිනිකොණ දකුණ සහ බටහිර යන දිසාවන් සමඟ වයඹ දිසාවත් උත්තේජනය වන හෙයින් සෑම සියලු කටයුත්තකදීම වාසි පැත්ත පමණක් ගෙන තීරණ නොගත යුතු අතර වාසි අවාසි දෙකම මැන බලා තීරණ නොගතහොත් අනපේක්ෂිත පරාජයන් ලැබීමට ඉඩ ඇත. කෙසේ නමුත් 2019 ඔබට ජයග්‍රාහී වසරකි.
/වෘශ්චික ලග්නය /
සීරුවෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ යුතු වසරකි.ලග්නයේ ගුරු ද 2 වැන්නේ සෙනසුරු ද 4 වැන්නේ නෙප්චූන් ද 6 වැන්නේ යුරේනස් ද 9 වැන්නේ රාහු ද 3 වැන්නේ කේතු ද පිහිටා සිටියදී 2019 නව වසර උදාවෙයි. මේ ඔබේ ජීවිතයේ සුවිශේෂ පරිවර්තනයක් හට ගන්නා කාලයකි. මෙතෙක් ඉගෙන නොගත් විෂයයන් පිළිබඳව අවධානය යොමු කරන අතර ඔබේ සිතිවිලි ආකල්ප සහ පෞරුෂයේ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්වයි. එහෙත් ඔබගේ රැකියාව වෘත්තීය සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඉතා ඉවසීමෙන් තීරණ ගත යුතු කාලයකි. වසර අවසානය දක්වා ම එකී අවදානම පවතී.
මාර්තු මාසයේ අගභාගයේ සිට රාහු ග්‍රහයා 8 වැන්නට පිවිසෙන අතර එය ඔබේ රැකියාව කෙරෙහි අභියෝගයක් ගෙන දෙන නමුත් අනපේක්ෂිත රැකියා ලාබ උසස්වීම් සහ ධන ලාබ ගෙන දීමටද හේතු වේ.
2019 වසරේ මාර්තු අග භාගයේ සිට ඔබගේ ජීවිතයේ සෑම සියලු අංශයකින් ම ඉතා වාසනාවන්ත කාල පරිච්ඡේදයක් උදාවන අතර එතෙක් ඉවසිලිවන්ත වීම අත්‍යවශ්‍ය වේ. ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්දරයේ නැගෙනහිර දිසාව බලවත් වේ. එහෙත් ගිනිකොණ නිරිත සහ වයඹ යන දිසා තුන අහිතකර ලෙස උත්තේජනය වන හෙයින් ලැබෙන දේ ඒ සැණින්ම අහිමි වී යෑමේ තර්ජනයක් මතුව එයි. එහෙයින් උපේක්ෂාවෙන් සිදුවීම් දෙස බැලීම නුවණට හුරු වේ.
/ධනු ලග්නය /
අට ලෝ දහමින් කම්පා නොවී සිදුවීම්වලට මුහුණ දීම සහ ඒවා අවබෝධයෙන් යුතුව කලමනාකරණය කළ යුතු කාලයකි.සෙනසුරු ලග්නයේ ද කේතු 2 වැන්නේ ද නෙප්චූන් 3 වැන්නේ ද යුරේනස් 5 වැන්නේ ද රාහු 8 වැන්නේ ද ලග්නාධිපති ගුරු 12 වැන්නේ ද සිටියදී 2019 නව වසර උදාවෙයි. මේ ඔබේ ජීවිතයේ ඉතා අභියෝගාත්මක අවස්ථාවකි. සහනය අසහනය ජය සහ පරාජය කීර්තිය සහ අපකීර්තිය යනාදිය එකම කාසියේ දෙපැත්ත මාරුවන්නාක් මෙන් ඔබේ ජීවිතයට විටෙක සතුට සහ විටෙක අසතුට ජනනය කරයි. මාර්තු මාසයේ අගභාගයේ සිට රාහු ග්‍රහයා ඔබේ කේන්දරයේ 8 වැන්නෙන් මිදී 7 වැන්නට පිවිසීම යනු එක් පීඩාවක් අවසන් කර වෙනත් පීඩාවකට මුහුණ දීමට සූදානම් වීමකි. එහෙත් ලග්නයේ සිටින සෙනසුරු සිකුරුගේ නක්ෂත්රයේ ගමන් හෙයින් සියලු අභියෝග සහ බාධක ජය ගනී.
ආධ්‍යාත්මික පිබිදීමක් සහ උපේක්ෂාව මුල් කොටගත් මාර්ගයකට යොමු වෙයි. එහෙත් විවාහය ප්‍රේම සබඳතා හවුල් ව්‍යාපාර යනාදියෙහි පසුබෑම් හටගත හැකි හෙයින් ඉවසිලිවන්ත විය යුතුව තිබේ. රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු යනාදියෙහි දියුණුවක් ලැබිය හැකි වන්නේ බාධකවලට මුහුණ දීමට හැකිවෙතොත් පමණක් බව සිතට ගන්න. ඒ සඳහා ශමනකාරක පිළියම් යෙදීම මැනවි.
ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්ද්‍රයේ ඊශාන දිසාව ඉතා ප්රබලව උත්තේජනය වීම නිසා ලෞකික ජීවිතයේ දුෂ්කරතා ජයගැනීමට ආධ්‍යාත්මික ලෝකයෙන් අනගි පිහිටක් ලැබිය හැක. නැගෙනහිර දිසාවද බලවත් හෙයින් දුෂ්කරතා හමුවේ ඔබගේ පෞරුෂය ගොඩනැගෙයි. එහෙත් නිරිත සහ බටහිර දිසා දෙක උග්‍ර ගිනි වායු ශක්තියෙන් උත්තේජනය වීම එතරම් හිතකර නොවේ. ඉවසිලිමත් බව තිබුණේ නම් එකී පීඩාවත් ජයගත හැකි වේ.
/මකර ලග්නය /
කලකට පසුව ජයමාවත විවර වෙයි. ඔබේ ලග්නයේ කේතු ද 2 වැන්නේ නෙප්චූන් ද 4 වැන්නේ යුරේනස් ද 7 වැන්නේ රාහු ද 11 වැන්නේ ගුරු ද 12 වැන්නේ ලග්නාධිපති සෙනසුරු ද පිහිටා සිටියදී 2019 නව වසර උදාවෙයි. මාර්තු මාසයේ අග භාගයේ සිට රාහු ඔබේ කේන්දරයේ 6 වැන්නේ ඉතා බලවත් ලෙස ගමන් ගන්නා අතර මේ ඔබේ ජිවිතයේ විශාල පරිවර්තනයක ආරම්භයකි. බාධක අභියෝග සතුරන් සහ රෝග පීඩා මැඩ ගෙන ප්‍රගතිය කරා පා තබන ජයග්‍රාහී වසරකි. විවාහය හවුල් ව්‍යාපාර විදේශ ගමන් රැකියා ලාබ ධනය උසස්වීම් නිලතල ආදියෙන් පොහොසත් වේ. 12 වැන්නේ සෙනසුරු සිකුරුගේ නක්ෂත්රයේ ගමන් ගන්නා හෙයින් රැකියාව ව්‍යාපාරය සම්බන්ධයෙන් කැපී පෙනෙන වෙනසක් හටගනී. සමස්තයක් වශයෙන් ගත් කළ මේ ඔබේ ජීවිතයේ විජයග්‍රාහී ඇරැඹුමකි.
එහෙත් ඔබේ සිතිවිලි පාලනය කර ගැනීම සහ ආවේගකාරී අවස්ථාවන් මග හැරීම අත්‍යවශ්‍ය වෙයි. ඒ එසේ නොවුණොත් පෙර කී වාසිදායක තත්ත්වය හීන වෙයි.
ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්ද්‍රයේ ඊශාන සහ නිරිත යන දිසා අක්ෂය ඉතා බලවත් ලෙස උත්තේජනය වීම වාසිදායක වෙයි. සියලු බාධක අභියෝග හොඳින් හෝ නොහොදින් හෝ ජය ගැනීමට මාර්ගය සලසන නමුත් හොඳ මාර්ගය පමණක් තෝරා ගැනීමට වග බලා ගැනීම අත්‍යවශ්‍ය වේ.
/කුම්භ ලග්නය /
ජීවිතයේ සුවිශේෂ පරිවර්තන මාලාවක ආරම්භය වෙයි.නෙප්චූන් ලග්නයේ ද යුරේනස් 3 වැන්නේ ද රාහු 6 වැන්නේ ද ගුරු 10 වැන්නේ ද සෙනසුරු 11 වැන්නේ ද කේතු 12 වැන්නේ ද ඉතා බලවත් ලෙස පිහිටි ග්‍රහචාරයක් සහිතව 2019 නව වසර උදාවෙයි. මේ ඔබේ ජීවිතයේ අද්වීතීය වූ විජයග්‍රාහී අවස්ථාවකි. ධනය බලය නිලතල මෙන්ම ජීවිතයේ බොහෝ අංශවලින් ජයග්‍රහණ හිමිවෙයි. රැකියා වෘත්තීය ව්‍යාපාර යනාදියෙන් ශීග්‍ර ප්‍රගතියක් ලබයි.සමාජයේ ප්‍රසාදය දිනා ගනී.ආධ්‍යාත්මික අංශයෙන් ද දියුණු වෙයි.
මාර්තු මාසයේ අග භාගයේ සිට රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 5 වැන්නට ද කේතු ග්‍රහයා 11 වැන්නට ද මාරු වේ. එය ඔබට තරමක අවාසියක් වන මුත් එකී අවාසිය 11 වැන්නේ සෙනසුරුගේ බලයෙන් අහෝසි වී යයි. අලුත් කටයුතු ආරම්භ කිරීමට සහ පසුගිය කාලයේ අඩපණව තිබූ ව්‍යාපෘති නව ජවයකින් ආරම්භ කිරීමට හොඳ අවස්ථාවක් යෙදේ.
ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්දරයේ උතුර සහ ඊශාන යන දිසා දෙක ඉතා බලවත් ව උත්තේජනය වේ. ඔබේ සියලු කටයුතු සාර්ථකත්වයට යොමු කිරීමට එමගින් අනගි ශක්තියක් සපයයි. සමස්ථයක් වශයෙන් ගත් කළ 2019 වසරේ විජයග්‍රාහකයා වීමට කුම්භ ලග්නය දෛවයෙන් වරම් ලබා සිටී. මේ අනගි අවස්ථාව අපතේ නොහරින්න.
/මීන ලග්නය/
තනතුරු යනු අනතුරු බව තේරුම් ගත යුතු පරිවර්තනීය නව වසරකි. ඔබේ කේන්දරයේ 2 වැන්නේ යුරේනස් ද 5 වැන්නේ රාහු ද 9 වැන්නේ ගුරු ද 10 වැන්නේ සෙනසුරු ද 11 වැන්නේ කේතු ද 12 වැන්නේ නෙප්චූන් ද පිහිටා සිටියදී 2019 නව වසර උදාවෙයි. ලග්නාධිපති වූ ගුරු 9 වැන්නේ බලවත් ලෙස පිහිටා සිටීම ඔබට ඉතා වාසිදායක වේ. බොහෝ දුෂකර බාධක ජය ගැනීමට එමගින් අනගි ශක්තියක් සපයනු ලැබේ.විදේශ ගමන් සහ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. එහෙත් ඉවසීමෙන් සහ සීරුවෙන් ගමන් නොකළොත් ඔබට අනපේක්ෂිත අවාසි ගෙන දීමට වැඩි ඉඩක් පවතී.
කෙසේ නමුත් ලබන මාර්තු මස අග භාගයේ සිට ඔබේ ගෘහස්ථානය සහ රැකියා ස්ථානය යන දෙකෙහිම බලවත් වෙනසක් හට ගනී. එහි අවාසි පැත්ත පියවීමට 9 වැන්නේ ගුරු උත්සුක වන නමුත් සැලකිය යුතු පීඩාවකට මුහුණ දීමට අවස්ථා යෙදී තිබෙන හෙයින් ඉක්මන් නොවිය යුතුය. විශේෂ්යෙන් ම ඔබගේ රැකියාව කෙරෙහි තර්ජනයක් ඉස්මතු විය හැකිය. ගැටුම් මග හරින්න.
ටොලමියානු ජ්‍යොතිෂය අනුව ඔබේ කේන්දරයේ උතුර ගිනිකොණ දකුණ යන දිසා අහිතකර ලෙස උත්තේජනය වන හෙයින් උපේක්ෂාව සහ ඉවසීම ප්‍රගුණ නොකළොත් එහි ප්‍රතිඵලය අහිතකර විය හැකිය. ඔබේ වචන ආහාර පාන සහ සිතිවිලි සංවරය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.
0 Comments