යසස් ධර්මදාස මහතා ප්රමුඛ ගෝලීය ශ්‍රී ලංකා සංසදය විධායක කමිටු සාමාජික පිරිසක් පසුගිය ජනවාරි පලවෙනිදා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග පැය 2 ට අධික කාලයක් සාකච්ඡා කළ බව වාර්තා වෙයි.
ඒ පිළිබඳව අදහස් දැක්වූ යසස් ධර්මදාස මහතා සඳහන් කළේ යුද අපරාධ චෝදනා හෝ මානව හිමිකම් කවුන්සලය විසින් අප රටේ රණවිරුවන්ට විරුද්ධව සම්මත කළ යෝජනා කිසිවක් තමා පිළිනොගන්නා බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දැඩි ලෙස ප්‍රකාශ කළ බවය ප්‍රකාශ කළ බව ය.
“ඒ අනුව මංගල ජිනීවා ගිහින් කරපු දේට සජිත් එකඟ නැති බව පැහැදිලියි” යනුවෙන්ද ඔහු පැවසීය .
එම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ නේවාසික නිත්‍ය නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදය අයර්ලන්ත ශාඛාවේ සභාපති සුමින්ද රණසිංහ මහතා ද සහභාගි වන බව ද ඔහු සඳහන් කළේය.
0 Comments