ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි කර්මාන්තශාලාවක ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.
මහල් දෙකකින් සමන්විත පින්තාරු කර්මාන්තශාලාවක බිම් මහලේ පිපිරීම සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
පිපිරීමත් සමඟ එම කර්මාන්තශාලාවේ ගින්නක් ද හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 08 ක් පමණ යොදා තිබේ.
ගින්නට මැදි වී සිටි පුද්ගලයින් 15 දෙනෙකු බේරා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම්වලට හැකියාව ලැබී ඇති අතර තවත් 08 දෙනෙකු පමණ ගොඩනැගිල්ල තුළ සිරවී සිටින බව වාර්තා වේ. මෙම පිපිරීමේ දී ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටී ඇතැයි ද සදහන් වේ.
කර්මාන්තශාලාවේ හිමිකරුද තුවාල ලබා ඇති බව පොලිසිය සදහන් කර ඇත.
මෙම සිද්ධිය ඇසින් දුටුවෙකු සදහන් කර ඇත්තේ පස් හැවිරිදි දරුවෙක් ද ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.
0 Comments