Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මියුසියස් ක්‍රීඩිකාවෝ පිට පිට තුන්වැනි වරටත් ශූරතාව දිනති

Author(s): 
ෆවුස් මොහොමඩ්

පෙරළිකාර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මියුසියස් විදුහල් ක්‍රීඩිකාවෝ කොළඹ කාන්තා විදුහල් පිල සමග වාර්ෂිකව පැවැත්වෙන ඔරු පැදීමේ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ඊයේ සමත්වූහ.

කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සමාජය ආශ්‍රිත බේරේ වැවේදී ඊයේ නිමාවට පත්වූ 15 වැනි කොළඹ කාන්තා - මියුසියස් ඔරු පැදීමේ තරගාවලියේ ඉසව් 9කින් 8ක්ම ජයගනිමින් මයන්ති වීරකෝන්ගේ නායකත්වයෙන් සහ බිනාලි ද සිල්වාගේ උපනායකත්වයෙන් යුතු මියුසියස් විදුහල් ක්‍රීඩිකාවෝ පසුගිය වසරේ දිනූ ශූරතාව රැක ගැනීමට සමත්වූහ. ඔවුන් අඛණ්ඩව ජයගත් තුන්වැනි අවස්ථාව මෙය විය.

අනුශූරතාව දිනූ කොළඹ කාන්තා විදුහල් පිලේ සමනායිකාවෝ ලෙස සංජුලා බොතේජු සහ අශ්විනී සුබසිංහ කටයුතු කළහ. එම කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කරනු ලැබුවේ කවීෂා දසනායක විසිනි. මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මියුසියස් විදුහලේ මීධිනී ද අල්විස් සම්මාන දිනාගත්තාය. ඇය මෙවර තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ pair තරගය (බිනාලි ද අල්විස් සමග), ‘ඒ’ කාණ්ඩයේ scull තරගය (සෙනුරි ද සිල්වා සමග) ජයගත් අතර ‘A Four’ කණ්ඩායම් තරගයේ ජයග්‍රහණයටත් දායකත්වය ලබා දුන්නාය.

මෙවර තරගාවලියේ නව වාර්තා 2ක් බිහිවිය. ‘බී’ කාණ්ඩයේ Double Scull තරගය මියුසියස් විදුහල් පිලේ බිනුරි ගුණවර්ධන සහ නෙත්මිණි සිරිමාන්න මිනිත්තු 3කුත්, තත්පර 58ක කාලයක් වාර්තා කරමින් ජයගත්තේ නව තරග වාර්තාවක් ද බිහි කරමිනි.

මීට අමතරව C Four තරගය මිනිත්තු 3කුත්. තත්පර 56කින් ජයගෙන කොළඹ කාන්තා විදුහල් කණ්ඩායම නව වාර්තාවක් බිහි කළේය. ඔවුන් විසින් බිඳ දමනු ලැබුවේ පසුගිය වසරේ තරගාවලියේදී එම විදුහල් කණ්ඩායම විසින්ම තැබූ මිනිත්තු 4කුත්, තත්පර 01ක වාර්තාවය. වාර්තාව තැබූ කණ්ඩායමට නිහාරා චන්ද්‍රසේන, අවානි අමරසිංහ, කේෂියා වරියා, ටනීටා ගුණතිලක සහ චියාරා විජේතිලක ඇතුළත් වූහ. අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය සෙනසුරාදා පැවැති මේ තරගාවලියේ අවසන් තරග කිහිපයක් සහ ත්‍යාග ප්‍රදානය ඊයේ පැවැත්විණි.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ, සමන් මෙන්ඩිස්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();