ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන අතර මෙම තත්වය ඉදිරි දින කීපයේ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ වැසි හෝ ගිගුරුම් සහි වැසි ඇති වන අතර මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100-150 ත් අතර තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
එමෙන්ම ගිගිරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු සහ පැ.කි.මී. 70-80 පමණ කෙටි කාලීන තද සුළංද ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන් කර සිටී.
එම අවස්ථාවල ගතයුතු ආරක්‍ෂිත පියවර සහිත එම සම්පූර්ණ නිවේදනය පහතින්.
The post ඉදිරි දින කීපයේ තද වැසි, ප්‍රභල අකුණු සහ ගිගුරුම් – සැලකිලිමත් වන්නැයි ජනතාවට අවවාදාත්මක නිවේදනයක්. appeared first on Lanka News Column.
0 Comments