Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශපාලනය තුළ කාන්තාවට වැඩි ඉඩක් ගත යුතුයි – ඇමතිනී තලතා.

Minister_Thalatha_13

දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කරන්නට රජය ලබා දෙන්නට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන බව  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ලක් වනිතා පෙරමුණේ සාමාජිකාවන් 100 දෙනෙකු සදහා සාම විනිසුරු පත්වීම් ලබා දීමේ අවස්ථාවට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති උත්සවයට එක්වෙමිනි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

ඔබගේ ගෞරවාන්විත සේවයට වැදගත් තණතුරක් ලබා ගන්නා අවස්ථාවේ මේ තනතුරේ ගෞරවය ආරක්ෂා කර ගෙන විශේෂයෙන් ම උසාවියක විනිශචයකාරවරයෙක් පිළිබඳව පවතින විශ්වාසය තහවුරු කරන මේ පදවියේ කටයුතු කරන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා පෙරමුණේ සභාපතිතුමිය මම මේ තණතුරට පත්වුන දවසේ ඉදලා නිරන්තරයෙන් මේ කටයුතු කරන්න විශාල උත්සාහයක් ගත්තා .
එක්සත් ජාතික පාක්ෂිකයන් ආරක්ෂා කරන්නටත් අනෝමා ගමගේ මැතිණිය විශාල සහයෝගයක් අපට ලබා දෙනවා. එක්සත් ජාතික පක්ෂය වගේ කාන්තාවන්ට කවදාවත් හිමි තැන ලබා දීලා නෑ ඒ වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඒ විශ්වාසය චන්ද්‍රානි බණ්ඩාර ඇමතිතුමියට භාර දුන්නා.

එතුමිය තමාගේ අමාත්‍යාංශය තුලින් කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට කාන්තාවන්ගේ නියෝජනය පළාත් පාලන ආයතන පළාත් සභා පාර්ලිමේන්තුව තුල ඇති කරන්නට වැඩසටහන් රාශියක් කරගෙන යනවා. අපි ප්‍රායෝගිකව දේශපාලනය කරන කාන්තාවන් හැටියට අපි තමුන්නාන්සේලා නියෝජනය කරන ප්‍රදේශවල ඒ සම්බන්ධව පසුගිය පළාත් පාලන ඡන්දයේදී මන්ත්‍රීවරියන් ලෙස පත්වෙච්ච වෙලාවේ නොයෙකුත් විදිහේ චෝදනා එන්නට පටන් ගත්තා. ලැයිස්තුවෙන් ආපු අයට මන්ත්‍රීකම් හම්බවුනා කියලා. හැබැයි ඒ හැම එකකටම මුහුණදීමේ ශක්තිය අපි හැමෝටම තියෙනවා. කාන්තාවන් ඉදිරියට එනවා කියන්නේ විශේෂයෙන්ම පවුලකට තියෙන ප්‍රශ්න වගේම බාහිර සමාජය දිහා බලනකොට සමාජයේ තියෙන ප්‍රශ්න හොදට අවබෝධ කරගෙන හොද නායකත්වයක් දෙන්න පුළුවන් තාත්තට වැඩිය ගෙදර ඉන්න අම්මට කියන එක අපි දන්නාවා. ඒ තුල ඊර්ෂියාව වෛරය ඈත් කරලා අපි සියළු දෙනාටම එකට නැගී සිටින්නට කාන්තාවන් සවිබල ගැන්වීම වැදගත් වෙනවා කියන එක අගමැතිතුමත් අපිත් විශ්වාස කරනවා. විවිධ වැඩසටහන් මගින් ඔබව සවිබල ගන්වන්නට දේශපාලනය තුල කාන්තා නියෝජනය වැඩි කරන්නට රජය ලබා දෙන්නට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. මේ තුලින් ලක් වනිතා පෙරමුණේ සභාපතිනීය බලාපොරොත්තු වෙන්නේ ඔබ සියලු දෙනා කාන්තා නායිකාවන් බවට පත්කරන්න. මේ ලබා දෙන පත්වීම අවලංගු කිරීමේ බලය ඕනෑම අවස්ථාවක අපට තියෙනවා. ඒ බලය තියෙන්නේ අමාත්‍යාංශයට එය අවලංගු කෙරෙන්නේ මේ පත්වීමට ගැලපෙන්නේ නැති නුසුදුසු ක්‍රියා වල එහෙම නැත්නම් වෙනත් ප්‍රතිලාභ වලට යටත් වෙලා කටයුතු කරනවා කියන එක ගැන කරුණු ඉදිරිපත් කළායින් පසු පරීක්ෂණයක් කරලා. මේ පත්වීම් අවලංගු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයේ අපි වැදගත් විදිහට සමාජයේ ජීවත්වුන විදිහටම කටයුතු කරයි කියලා. සමහර අය බලයට පැමිණීමට කරන නොයෙකුත් දේවල් ප්‍රතික්ෂේප කරන අපි ජනතාවට නිවැරදි නායකත්වය ලබා දෙන්නේ අද නිවැරදි නායකත්වය තුලින් හොද දේ යුක්ති සහගත සාධාරණ දේ කියන මූලික ධර්ම ඉදිරියට අරගෙනයි. මේ තුලින් ඔබ සියළු දෙනා තනතුරේ ගරුත්වය ආරක්ෂා කරගෙන වැඩ කරයි කියන විශ්වාසය අපට තියෙනවා.

විශේෂයෙන්ම කාන්ති අයිතිය තවත් තහවුරු කරමින් ගරු අගමැතිතුමාගේ නිර්දේශය අනුව ගරු ජනාධිපතිතුමා ව්‍යවස්ථාදායක සභාවට ප්‍රථම වාතාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් පත් කරලා තියෙනවා. අධිකරණයේ නායකයා ලෙස ඉතා විශිෂ්ඨ අගනා වටිනා සේවයක් කරපු හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මැතිතුමා විශ්‍රාම යෑමේ උත්සවයට සහභාගි වෙලා මෙහි ආවේ යැයි පැවසීය.

The post දේශපාලනය තුළ කාන්තාවට වැඩි ඉඩක් ගත යුතුයි – ඇමතිනී තලතා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();