ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මුර්සිගේ බාල පුත්‍රයා ප්‍රශ්න කිරීම සදහා පසුගිය බදාදා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබේ.
අබ්දුල්ලා මුර්සිට එල්ල වූ චෝදනාව වූයේ ප්රවෘත්ති සේවාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ව්‍යාජ ප්රවෘත්ති ප්‍රචාරය කිරීමයි.
ඊජිප්තු පවුම් 5,000ක මුදල් ඇපයක් මත ඔහු නිදහස් කර ඇත.
ඔහුගේ හැඳුනුම්පත සහ ජංගම දුරකතනය ද ආරක්ෂක අංශ විසින් භාරගෙන තිබේ. ඇප ලැබීමෙන් අනතුරුව එම භාණ්ඩ නැවත භාරදී නොමැති බව වාර්තා වේ. 2015 දී ඔහු මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් ද දඩුවම් ලබාදී තිබේ.
0 Comments