Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙවර ශිෂ්‍යත්ව විශිෂ්ඨයෝ.

Exam_Results
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලට අනුව ලකුණු 199ක් හිමිකර ගත් සිසුන් දෙදෙනෙකු දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනිමට සමත්ව ඇති බව සඳහන් වේ. 

පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ 
වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයේ සනූප දිමත් පෙරේරා දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.

එමෙන්ම දිවයිනේ දෙවන ස්ථානය හිමිකර ගැනිමට ලකුණු 198 බැගින් හිමිකර ගත් සිසු සිසුවියන් තිදෙනෙකු සමත්ව තිබේ. 
මිනුවන්ගොඩ රේජි රණතුංග ප්‍රථමික විද්‍යාලයේ සෙනුජි අකිත්මා හෙට්ටිආරච්චි, 
යාපනය හින්දු ප්‍රථමික විද්‍යාලයේ මාගේන්ද්‍රන් තිගාලොලිබවන් සහ 
යාපනය, චාවකච්චේරි හින්දු ප්‍රථමික විද්‍යාලයේ නාවාස්කන් නාති දිවයිනේ දෙවන ස්ථානය හිමිකර ගත් සිසු සිසුවියන් වෙයි.

වව්නියාව සිවපුරම් ප්‍රථමික විද්‍යාලයේ බාලකුමාර් හරිතිකන්සුජා මෙවර ප්‍රතිඵලවලට අනුව දිවයිනේ තෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ලකුණු 197ක් ලබා ගනිමිනි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();