එජාප මන්ත්‍රී හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන අය නැවත කැබිනට් මණ්ඩලයට ගෙන ඒම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය විසින් කිහිපවිටක්ම රවී කරුණානායක නැවත අමාත්‍ය ධුරයේ පිහිටවන්නැයි ඉල්ලීම් කර තිබුණත් එම ඉල්ලීම් මේ වන තෙක් ක්‍රියාත්මක වුයේ නැත.
පසුගිය බැඳුම්කර නිකුතුවට අදාළ ගණුදෙණුවේදී අර්ජුන් ඇලෝසියස් සහ පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගම සමඟ සම්බන්ධතා පැවැත්වූයේ යැයි සහ වරප්‍රසාද ලබා ගත්තේ යැයි රවී කරුණානායකට චෝදනා එල්ල වුණු අතර ඒ අවස්ථාවේදී ඔහු අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.
දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුයේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමත් සමඟය. පසුව ඔහු “16 කණ්ඩායම” සමඟ එක් වුණු අතර නැවත එම කණ්ඩායමෙන් ඉවත් වී “මෛත්‍රී පිළට” එක් වුණු අතර ජනාධිපතිවරයා විසින් දයාසිරි ජයසේකරව කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධූරයට පත් කළේ “16 කණ්ඩායම” නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාවද ධූරයෙන් ඉවත් කරමිනි.
The post රවී සහ දයාසිරිව ගේන්න ජනපති මෛත්‍රී කැබිනට් සංශෝධනයකට? appeared first on Lanka News Column.
0 Comments