Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නීතිය ඉගැන්වීම පාසල් අධ්‍යාපන විෂය මාලාවට ඇතුළත් කරන්න කටයුතු කරනවා – ඇමතිනිය කියයි.

Minister_Thalatha

නීතිය පිළිබදව පාසල් ළමුන් දැන්වත් කරන්න බලාපොරොත්තු වන බවත් නීතිය ඉගැන්වීම සම්බන්ධව පාසල් අධ්‍යාපන විෂය මාලාවට ඇතුළත් කරන බවත් පාසලේ හය හත වගේ වසරවලදී රටේ නීතියට සියලු දෙනා යටත් බවටත් රටේ මුලික නීතිය පිළිබදව ලබා දෙන්නත් නවය දහය එකොළහ වසරවලදී රටේ අපරාධ නීතිය සිවිල් නීතිය පොදු දේපළට හැනි කිරීම පිළිබදව ළමුන් දැනුවත් කිරීමට විෂය මාලාවට ඇතුළත් කරන බවත්  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ  ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය මෙම අදහස්  පළ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජාතික සමථ දින උත්සවයට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය,

අද දින පැවැත්වෙන සමථ දින උපහාර උත්සවය සදහා අතිගරු ජනාධිපතිතුමා සහභාගි කරවා ගන්න හැකි වීම පිළිබදව අපිට සතුටු වෙන්න පුළුවන්. ජනාධිපතිතුමා කිවුවා ඔබ මේ තනතුරුවලට පත් කර ගැනීමේදී ඔබේ නිහතමානී කම ඉතා වැදගත් වෙනවා කියලා. ඔබ කරනු ලබන සේවාව වෙනුවෙන් රජයක් හැටියට අපෙන් ඔබට වගකීමක් වෙනවාද  යන්න පිළිබදව සැකයක් මතු වෙනවා. ඔබ කරනු ලබන මේ ගෞරවාන්විත සේවාව රටට ලබා දෙන විශාල දායකත්වයක් බව කිව යුතුයි. නඩු හත් ලක්ෂ පනස් දහසක් පමණ අද වන විට අධිකරණවල ගොඩ ගැහිලා තියෙනවා. මේ පිළිබදව අපි අවධානය යොමු කළ යුතුයි.අපි නීතිඥයින් වගේම එම වෘත්තිය ආරක්ෂා කර ගන්න කටයුතු කරනවා වගේම නඩු කල්යාම පිළිබදවත් කල්පනා කළ යුතුයි නඩු කල්යාම පිළිබදව අපිට සන්තෝෂ වෙන්න බැහැ. මේ රටේ තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ම ගැටළුවක් ඇති වුවහොත් නඩු කල්යාම තුළ විවිධ දුෂ්කරතාවයන්ට ජනතාව පත් වෙනවා.

වසර 28 කට පෙර පටන් ගත් සමථ සංකල්පය තුළින් විශාල සේවාවක් සිදුවීම පිළිබදව මා හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. රටේ පවතින හැම ගැටළුවක්ම උසාවියට ගියා නම් සමාජයේ වන අසහනය මොන තරම් ද කියලා හිතා ගන්නවත් බැහැ. වසර 28 කට පෙර පටන්ගත් සමථකරණය අද වන විට විශාල වෘක්ෂයක් බවට පත්ව තිබෙනවා. ඉඩම් ආරවුල් විසදීම සදහා සමථකරණය විදේශගත ශ්‍රමිකයින් සදහා ඇති ගැටළු විසදීම සදහා වන සමථකරණය පාසල් ළමුන් දැනුවත් කිරීම සදහා සමථකරණ වැඩ පිලිවෙළ අගය කළ යුතුයි.විදෙස්ගත ශ්‍රමිකයින්ට විවිධ ප්‍රශ්න තිබෙනවා ඒ පිළිබදව මා විදේශ රැකියා කටයුතු පිළිබදව අමාත්‍යවරිය ලෙස කටයුතු කළ නිසා හොදට දන්නවා. ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න සදහා සමථකරණ වැඩ පිළිවෙළක් පැවතීම විශාල පිටිවහලක්. පාසල් අතර සමථකරණය ව්‍යාප්ත කිරීම ඉතා වැදගත්.මොකද පාසල් ළමුන් අතර විවිධ ගැටළු ඇති වෙන යුගයක් බවට අද මේ කාලය පත් වෙලා තිබෙනවා. ඔවුන් අතර පාසලේ උත්සවයක් පැවතුණත් ඔවුන් අතර ගැටුම් ඇති වෙනවා යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.

විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා නීතිය පිළිබදව පාසල් ළමුන් දැන්වත් කරන්න.නීතිය ඉගැන්වීම සම්බන්ධව පාසල් අධ්‍යාපන විෂය මාලාවට ඇතුළත් කරන්න.පාසලේ හය හත වගේ වසර වලදී රටේ නීතියට සියලු දෙනා යටත් බවටත් රටේ මුලික නීතිය පිළිබදව ලබා දෙන්නත් නවය දහය එකොළහ වසරවලදී රටේ අපරාධ නීතිය සිවිල් නීතිය පොදු දේපළට හැනි කිරීම පිළිබදව ළමුන් දැනුවත් කිරීමට විෂය මාලාවට ඇතුළත් කරනවා. මත් කුඩු ව්‍යාපාරය පිළිබදව මේ වන විට දරුවන්ට අවබෝධයක් නැහැ. අද වන විට බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය තුළ තිබෙනවා මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම ඒ සදහා දිය යුතුයි. දණ්ඩ නීති සංග්‍රහය පිළිබදව අවබෝධයක් ළමුන් අතර ඇති කිරීම වැදගත් වෙනවා.

විශේෂයෙන් අපි අතර තිබෙන අසමගිකම් දුරු කර ගන්න ජාති ආගම් වශයෙන් සමගිව සිටින්න ශ්‍රී ලාංකිකයින් ලෙස කල්පනා කළ යුතුයි සමගිය තුළින් අපේ රටේ හැම දේකටම විශාල දායකත්වයක් ලැබෙනවා.

සමථ මණ්ඩලය සදහා එන නඩුවල මුල්‍යමය වටිනාකම රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කිරීම තුළින් මූල්‍ය ගැටළු ඒම තුලින් විශාල ගැටළුවක් බවට පත්ව තිබෙන බව සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස් යාපා මහතා කිවුවා. මේ නිසාම සාමාන්‍ය ආරවුල් විසදීම ප්‍රමාද වෙලා කියලා එයටත් විසදුම් ලබා දිය යුතුයි. මොක ද උසාවියට ගිහිල්ලා ලක්ෂ පහක ආරවුලක් විසදගන්න ගියොත් නඩුව අවසන් වෙන කොට ලක්ෂ පහක මුදලක් ම වැය වෙනවා

මෙහිදී අපේ රටේ සමථකරණ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා ආසියා පදනම යුරෝපා සංගමය අපිට විශාල දායකත්වයක් ලබා දෙනවා. එය අපි අගය කළ යුතුයි. විශේෂයෙන් අපේ රටේ සමථකරණය පිළිබදව වෙනත් රටවල අගය කිරිමට ලක්ව තිබෙනවා එය අපිට ගෞරවයක් බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

 

The post නීතිය ඉගැන්වීම පාසල් අධ්‍යාපන විෂය මාලාවට ඇතුළත් කරන්න කටයුතු කරනවා – ඇමතිනිය කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();