මීගමුව නගරයේ, ප්‍රධාන බාලිකා විද්‍යාල පරිශ්‍රයේ කාල බෝම්බයක් ඇති බවට විද්‍යාලීය විදුහල්පතිනියට අද(12) ලැබුණු නිර්ණාමික දුරකතන ඇමතුමක් හේතුවෙන් විද්‍යාලය තුළ යම් නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබූ බව සඳහන් වේ.
බාලිකා විද්‍යාල පරිශ්‍රය තුළ කාල බෝම්බයක් ඇති බවටත්, විනාඩි 20ක් තුළ පාසලේ ශිෂ්‍යාවන් ඉන් ඉවත් කරගන්නා ලෙසටත්, ලද නිර්ණාමික දුරකතන ඇමතුමක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබුණු බව පැවසේ.
විදුහල්පතිනියට ලැබුණු මෙම දුරකථන ඇමතුම හේතුවෙන් විද්‍යාලයට තුළ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගත වී ඇති අතර විදුහල තුළ සිටි ශිෂ්‍යාවන් සියලු දෙනා ආරක්ෂිත පිට්ටනියක් කරා රැගෙන යාමට විදුහල්පතිනියට ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් ලැබුනු නිර්ණාමික දුරකතන ඇමතුම හා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
The post බෝම්බ බියකින් බාලිකා විදුහලක් නොසන්සුන් වෙයි. appeared first on Lanka News Column.
0 Comments