Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෆේස්බුක් ගිණුම් මිලියන 50ක තොරතුරු පිටතට.

Facebook_Logo

ෆේස්බුක් භාවිතා කරන සාමාජිකයන් මිලියන 50 අධික ප්‍රමාණයකගේ ගිණුම් දත්ත හදුනා නොගත් පාර්ශවයක් වෙත ලැබී ඇති බව එම සමාජ ජාල අඩවියේ අයිතිකරු වන මාක් සකර්බර්ග් විසින් ඔහුගේ ගිණුමේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය දන්වා සිටී.

ඔහුගේ නිවේදනයෙන් සදහන් වන්නේ මිලියන 50 කට අධික ගිණුම් ප්‍රමාණයක දත්ත ෆේස්බුක් ගිණුම් තුල ඇති “view as” නැමති පහසුකම යොදාගෙන බව ඔහු සදහන් කරයි. View As කියන්නේ Privacy පහසුකමක්. මෙම පහසුකමෙන් ඔබගේ ෆේස්බුක් ගිණුම අන් අයට දර්ශනය වන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ තුල තිබුන Facebook Access Tokens භාවිතයෙන් තමයි මෙම දත්ත සොරාගැනීම ෆේස්බුක් ආයතනයට නොදැනෙන ලෙස සිදුවී තිබෙන්නේ. මේ Tokens භාවිතයෙන් ෆේස්බුක් අඩවියට ඇතුළුවුන සාමාජිකයෙක්ට නැවතත් ගිණුමේ මුරපදය ඇතුලත් නොකර ෆේස්බුක් අඩවියට ඇතුලත් වීමට හැකියාවක් පවතිනවා. ෆේස්බුක් ආයතනය මේ පිලිබදව සොයාගෙන තිබුනේ ඊයේ දිනයේදී පමණ වන අතර මේ වනවිට එම ගැටලුව නිරාකරණය කර අවසන් බව ෆේස්බුක් ආයතනය සදහන් කරනවා. එහෙත් ෆේස්බුක් ආයතනයෙන් එලියට පිටවූ මිලියන පනහකගේ ගිණුම් තොරතුරු සදහා ඔවුන්ට කිසිවක් කළ නොහැකි බවද දන්වා සිටිනවා..

මේ තත්වය පිලිබදව ශ්‍රී ලාංකික ජනයා දැනුවත් කරන ලෙස ෆේස්බුක් ආයතනය ශ්‍රී ලංකා පරිවර්තන සමුහය (ශ්‍රී ලංකා ෆේස්බුක් පරිවර්තන සමුහය) සම්බන්ධ කරගනිමින් දන්වා ඇති බවත් මේ අතර සියලුම ෆේස්බුක් පරිශීලකයන් තම තමන්ගේ ගිණුම්වල ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙස ෆේස්බුක් සමාගම ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමුහය  කියා සිටී.

ෆේස්බුක් මාධ්‍ය නිවේදනය – https://ift.tt/2zDmUXf

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය (ෆේස්බුක්)

SRI LANKAN TRANSLATION COMMUNITY (Facebook)

Facebook (1)

The post ෆේස්බුක් ගිණුම් මිලියන 50ක තොරතුරු පිටතට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();