හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුවේ, හොංකොංහි ගිණුමක තිබී හමුවුණු ඇමරිකානු ඩොලර් මිලියන 22ක මුදල සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි දූෂණ විරෝධී හඬ සංවිධානය ඊයේ ප්‍රශ්න කර තිබේ. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව විස්තර තමන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිය නමුත් මේ වන තෙක් එම තොරතුරු ලැබී නොමැති බවයි.
එමෙන්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම විමර්ශන කටයුතු සඳහා අදාළ බැංකු ගිණුමේ තොරතුරු ලබාගැනීමට හොංකොං වෙත ගියේ 2016 දෙසැම්බර් මාසයේදී බවත් මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති බවත් ඔහු පවසා ඇත.
මේ මුදල් පසුගිය රාජපක්ෂ පවුල් පාලන යුගයේදී ඔවුන් ලබාගත් කොමිස් මුදල් බව අවධාරණය කර ඇති] වසන්ත සමරසිංහ මේ ගනුදෙනුවලට අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කර ඇත. එසේම මේ ඩොලර් මිලියන 22ක මුදල වහාම මෙරටට ගෙන ඒමට කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කර තිබේ.
එසේ නොවන්නේ නම් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයත් මේ පිළිබඳව තොරතුරු යට ගැසීමට උත්සාහ දරන්නේදැයි සැකයක් තමන්ට මතුවන බව ද පවසා ඇති වසන්ත සමරසිංහ රටට හොර කිරීමට උත්සාහ නොකරන ලෙස ද ප්‍රකාශ කර ඇත.
The post රාජපක්ෂලාගේ හොංකොං ඩොලර් මිලියන 22ක් ගැන දූෂණ විරෝධී හඬ ප්‍රශ්න කරයි. appeared first on Lanka News Column.
0 Comments