චීනයේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ආ චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසා සිටී.
මෙම චීන ජාතිකයන් දෙදෙනා 32 සහ 36 යන වයස් වල පසුවන්නන් වන බව සඳහන් වේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු වල රුපියල් විසිදෙලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි 44,000ක් අඩංගු , දුම්වැටි කාටූන් 220 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පසුව මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මෙම චීන ජාතිකයන් දෙදෙනාට අවවාද කර නිදහස් කර ඇත.
The post ලක්ෂ 22ක දුම්වැටි රේගු අත්අඩංගුවට. appeared first on Lanka News Column.
0 Comments