ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නියෝජ්‍ය කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතැයි ද සදහන්.
ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා පෞද්ගලික යෝජනාවක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදරිපත් කෙරිණ.
0 Comments