Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැළි කසළ සඳහා අය විය යුතු මුදලින් රුපියල් මිලියන 100ක් කොළඹ නගර සභාව ගෙවයි.

Garbage

කෙරවලපිටිය කසළ අංගනයට, කොළඹ මහ නගර සභාවේ කැළ කසළ භාර ගැනීම තාවකාලිකව නවතා දැමීමට පසුගිය සෙනසුරාදා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගැණින. එයට හේතුව වූයේ 2018 වසරේ ජුලි මස සිට කැළි කසළ අපහරණය සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අය විය යුතු රුපියල් මිලියන 207 ක මුදලක් කොළඹ මහනගර සභාව විසින් ගෙවා නොමැති වීමයි.

කෙසේ වෙතත් අය විය යුතු මුළු මුදලින් රුපියල් මිලියන 100 ක මුදලක් කොළඹ මහ නගර සභාව චෙක්පතක් ආශ‍්‍රයෙන් අද එම සංස්ථාවට පියවා ඇති බව එහි සභාපති රොෂාන් ගුණවර්ධන පවසයි. ඒ අනුව අද සිට නැවතත් කැළි කසළ භාර ගැනීම සිදු කරන බව සභාපතිවරයා පෙන්වා දෙයි. ණය සීමාව ඉක්මවා නොයන පරිද්දෙන් විධිමත් කළමනාකාරීත්වයකින් යුතුව ඉදිරියට මෙය පවත්වාගෙන යෑම දෙපාර්ශවයේම වගකීම බවද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

The post කැළි කසළ සඳහා අය විය යුතු මුදලින් රුපියල් මිලියන 100ක් කොළඹ නගර සභාව ගෙවයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();