මුදල් අමාත්‍යාංශය විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සඳහන් වේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ මිල ඉහළ දැමීම සිදුකර ඇති බව ඉන්දින් ඔයිල් සමාගම සඳහන් කර සිටී.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150ක් වන අතර යුරෝ ත්‍රී වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 153ක් සහ ඔක්ටේන් 95 හෙවත් යුරෝ හතර වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 164ක් වන බව සඳහන් වේ.
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 123ක් වන අතර එක්ස්ට්‍රා මයිල් ඩීසල් ලීටරයක මිල රුපියල් 127ක් සහ සුපර් ඩීසල් හෙවත් යුරෝ ෆෝ වර්ගයේ ඩීසල් ලීටරයක මිල රුපියල් 133ක් ලෙස ඉහළ දමා ඇති බව ඉන්දියන් ඔයිල් සමාගම නිවේදනය කර තිබේ.
රජය හඳුන්වා දුන් නව මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල ගණන් ඉහළ දැමුණු අතර රුපියල් 145ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 149ක් දක්වා සහ රුපියල් 157ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 161ක් දක්වා ඉහළ නැංවිය.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 118 සිට රුපියල් 123 දක්වාත් රුපියල් 130ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 133ක් දක්වාත් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
The post IOC ඉන්ධන මිලත් ඉහළට. appeared first on Lanka News Column.
0 Comments