Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිලිබදව පරීක්ෂණ CID ය වෙතට.

Maithripala_sirisena

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින්  තමාත්, ගෝඨාභය රාජපක්ෂවත්  ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළ බවට නැඟෙන චෝදනා සම්බන්ධ පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  කියාසිටියි.මේ පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරික්ෂණ ආරම්භ කර ඇතැයි කී ජනාධිපතිවරයා එහි වාර්තාව ලැබීමෙන් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන්නේ යැයි කීවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුව අමතමිනි.

තමා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ද කැඳවා විමසු බවත්  වැඩිදුරටත් පොලිස්පතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතව සිටි බවත් ජනාධිපතිවරයා කීවේය.

එක්සත් ජාතික මහා මණ්ඩල සැසිවාරය හමුවේ තමා ලබන 25 වැනි දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරන බව කී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හමුවේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට එල්ල වී ඇති චෝදනාවලට මෙන්ම, යුද සමයේ දී දෙපාර්ශවය අතර සිදුවු බව පැවසෙන ඇතැම් සිදුවීම් පිළිබඳව ඉතිරි වී ඇති ගැටලු රැසක් විසඳා ගැනීමට එමගින් හැකිවී ඇති බවද කීවේය.

The post ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිලිබදව පරීක්ෂණ CID ය වෙතට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();