Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තට්ටු නිවාසවලට යා යුතුයි – ඇමති චම්පික රණවක.

Patali_Champika_14

කඩමණ්ඩියි, ගම්මානයි වෙනුවට  අවශ්‍යය වන්නේ  ඉදිරියට නව නගර  බිහි කිරීම බවත් ඒ සඳහා තට්ටු නිවාස සංකීර්ණ ඇති කිරීම සඳහා කටයුතු කරන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, නාගරික සංවර්ධන අධිකාරියේ, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ සැලසුම් හා මුල්‍ය දායකත්වය යටතේ ඉදිකරන ලද ‘‘Lake Crest Residencies’’ මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

නාගරික සංවර්ධන අධිකාරිය මෙම නිවාස 500 සඳහා රුපියල් ලක්‍ෂ 12,000 කට ආසන්න ප‍්‍රමාණයක් වැය කර තිබෙනවා. මෙහි මාර්ග, විදුලිබලය ආදී අතුරු පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දශලක්‍ෂ 162 ක් වැය කර තිබෙනවා. ඒ වගේම ගත්තොත් අපි දශලක්‍ෂ 1,400 ක ආයෝජනයක් මේ නිවාස සංකීර්ණයේ ආයෝජනය කර තිබෙනවා. අපි මෙවැනි නිවාස 5,000 ක් කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉදිකිරීමට යෝජනා කර වැඩ කරගෙන යනවා.  එයින් ව්‍යාපෘති 6 ක්ම අපි පටන් අරගෙන තිබෙනවා. අපේ පළවෙනි අරමුණ වුනේ රාජ්‍ය සේවකයින්, පුද්ගලික අංශයේ සේවකයින්, ස්වයං රැකියාවේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අපේ කලාකරුවන්, එහෙමත් නැත්නම් වෘත්තීය මට්ටමේ සේවකයින්ට නිවසක අයිතිය ලබාදීම සඳහා තමයි අපි මෙම ව්‍යාපෘතිය දියත් කළේ.

මේ රටේ කොළඹ පවුල් ලක්‍ෂ 3 ක් අද ඉන්නවා විවිධ ආකාරයේ තැන් තැන්වල තමන්ට අයිති නැති කුලී නිවාසවල ජීවත්වන. 2012 සංඛ්‍යා ලේඛන අනුව පවුල් ලක්‍ෂ 3 ක් ඉන්නවා කොළඹ කුලී නිවාසවල හෝ ඇනෙක්ස්වල සිට රජයේ හෝ පුද්ගලික අංශවල සේවය කරන. මෙම ප‍්‍රශ්නයට අනිවාර්යයෙන්ම පිළියම් සෙවිය යුතුයි. ඒ වගේම මෙය පරණ ක‍්‍රමයට පර්චස් 10 ඉඩම්, පර්චස් 6 ඉඩම් දීලා විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. අද කොළඹ නගරයේ අපට තවත් ඉතුරු වෙලා තිබෙන්නේ ඉතාම සුළු ඉඩම් කිහිපයක්. එම ඉඩම් ප‍්‍රමාණය තිබෙන්නේ හෝමාගම, අවිස්සාවේල්ල ප‍්‍රදේශවල. ඒ ඉඩම් ප‍්‍රමාණයේ පදිංචි කරවන්න පුළුවන් වෙන්නේ පර්චස් 10 ගම්මාන හදන්න ගියොත් පවුල් 50,000 ක් විතරයි. එම නිසා නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා ඈත නගරවලත් තට්ටු නිවාස සංකීරණ කරා ක‍්‍රමයෙන් ගමන් කරන්න. ඒ අනුව අවිස්සාවේල්ල හෝමාගම ආදී ප‍්‍රදේශවලත් තට්ටු නිවාස සංකීර්නවලට ගමන් කරන්න අපි තීරණය කර තිබෙනවා. දැනටමත් පුද්ගලික අංශයේ අපේ ආරාධනයෙන් තට්ටු නිවාස සංකීර්ණ ගාල්ල, කුරුණෑගල, මහනුවර ආදී ප‍්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. ඒ හැම තැනකම මේ පොල් ඉඩම්, රබර් ඉඩම් එහෙමත් නැත්නම් වෙනත් ඉඩම් ගොඩකර කර තවදුරටත් පර්චස් 10 ගම්මාන කඩමණ්ඩි හදන්න බැහැ. මේ කඩමණ්ඩියි, ගම්මානයි වෙනුවට අපට අවශ්‍යයි නව නගර ඉදිරියට බිහි කරන්න. ඒ සඳහා තට්ටු නිවාස සංකීර්ණ ඇති කිරීම සඳහා කටයුතු කරනවා.

ඒ වගේම අපේ කතානායකතුමාගේ මැදිහත්වීමෙන් මෙරට කලා ක්‍ෂෙත‍්‍රය වෙනුවෙන් කලා ගම්මානයක් සම්පූර්ණ චීන රජයේ ආධාර ඇතිව පිළියන්දල ප‍්‍රදේශයේ ස්ථාපිත කරන්න නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවත් අපි ප‍්‍රකාශ කළ යුතුයි.

මෙම කි‍්‍රයාදාමයන් ගෙන ඒමේදී ඒ දේශපාලන අධිකාරිය සහ අනෙක් අයගේ සහයෝගය අවශ්‍යයි. නමුත් මම කණගාටුවෙන් කිව යුතුයි මෙම ක්‍ෂෙත‍්‍රවල මේ කටයුතු කරගෙන යාමේදී සහයෝගයට වඩා ඇතිවෙන්නේ බාධාවන්. අපේ ඇතැම් ආණ්ඩු පක්ෂවල පිරිස්වලත් තිබෙන්නේ සහයෝගයට වඩා බාධාවන්. විශේෂයෙන්ම කොළඹ නගරයේ මේ පැල්පත්වාසීන්ගේ ප‍්‍රශ්න විසඳීම සඳහා අති විශාල ආයෝජනයක් සිදුකර රජයට බරක් නොවී  මේ කටයුත්ත දියත් කර තිබෙනවා. මේ වසරේ පමණක් රුපියල් මිලියන 48,000 ක නිවාස ඉදිවෙනවා කොළඹ නගරයේ. රජයේ දායකත්වය එයට රුපියල් මිලියන 18,000 යි. නාගරික සංවර්ධන අධිකාරියේ දායකත්වය 30,000 යි. කිසිම තනි රාජ්‍ය ආයතනයක් ලංකාවේ මෙවැනි ආයෝජනයක් සිදුකර නැහැ.

ඒ වගේම බත්තරමුල්ල අවට ප‍්‍රදේශයේ සෙත්සිරිපාය 3,4 කාර්යාල සංකීර්ණ ඇතුළු රාජ්‍ය කාර්යාල ගොඩනැගීම සඳහා පමණක් නාගරික සංවර්ධන අධිකාරිය  තවත් මිලියන15,000 ක ආයෝජනයක් සිදුකර තිබෙනවා. කිසිම රාජ්‍ය ආයතනයක් තමන්ගේ මූල්‍ය ශක්තියෙන් එවැනි ආයෝජනයක් සිදු කර නැහැ. 2015 දී මිලියන 39,000 ක  ණය බරකට ඇතුළත් වෙලා තිබූ මෙම රාජ්‍ය ආයතනය රටේ  ඕනම පෞද්ගලික ඉදිකිරීම් සමාගමකට අභියෝග කරන්න පුළුවන් ශක්තිමත් මූල්‍ය ආයතනයක් බවට පත් කර තිබෙනවා. පුද්ගලික අංශයටත් අපි අභියෝග කර තිබෙනවා පුළුවන් නම් අපට වඩා අඩුවෙන් ජනතාවට නිවාස ලබාදෙන්න කියලා.

ඉදිරිකාලයේදී නාගරික සංවර්ධන අධිකාරිය මගින් මිලියන දශ ලක්‍ෂ 1,500 ක් වැය කරලා කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශයට නාගරික උද්‍යානයක් මීතොටමුල්ල කුණුකන්ද ආශ‍්‍රිත ඉඩමේ ඉදිකර දෙන්න අපි ඉදිරියේදී කටයුතු කරන බවත් මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කළ යුතුයැයි ද සඳහන් කළේ ය.

The post තට්ටු නිවාසවලට යා යුතුයි – ඇමති චම්පික රණවක. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();