Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තක්කාලි ගොවීන් අසීරුතාවයට.

Tomato_Farmers

මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර තක්කාලි අස්වැන්න ලැබීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක ගැණුම් මිල රුපියල් 10ත් 15 ත් අතර මිලක් පැවතීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බැවින් බොහෝ ගොවීන් අස්වැන්න නෙලීම අත්හැර දමා ඇති බව සඳහන් වේ. නෙලූ අස්වැන්නද විකුණා ගැනීමට නොහැකිව තැන තැන තක්කාලි විසි කර දැමීමේ තත්ත්වයකට ගොවීන් පත් වී ඇති බවත් පැවසේ.

මාතලේ  දිස්ත්‍රික්කයේ  සිගිරිය, දඹුල්ල, ගලේවෙල, පලාපත්වල, පල්ලේපොල, නවුල, මහවෙල, රත්තොට, ලග්ගල, ආදී ප්‍රදේශ වල බහුල වශයෙන් තක්කාලි වගාව සිදුකරනු ඇති බවත් සඳහන් වේ.

එමෙන්ම  දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ තක්කාලි ගොවීන්  පවසා ත්තේ තක්කාලි වගාව අස්වනු නෙලීමට නොහැකිවීම නිසා තක්කාලි ගෙඩි සඳහා රෝගයක්ද පවතින බවයි. එම රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමට හෝ මුදලක් ලබාගැනීමට තක්කාලි වගාවෙන් නොහැකි වී ඇති බවද ගොවීන් පවසා තිබේ.

ඇතැම් තක්කාලි වගාවන් සිදුකර ඇති ගොවීන්ගේ නිවෙස් ඉදිරියේ තක්කාලි විශාල වශයෙන් ඉවත දමා ඇති බවත් ගොවීන්  පවසා සිටින්නේ අලෙවි කිරීමට නොහැකි තක්කාලි තොග මෙසේ ඉවත් කරන බවත් යැයි පැවසේ.

එමෙන්ම සියුම් පලුදු තත්ත්වයක් පැවතිය හොත් ඒවා ද රැගෙන නොගොස් ඉතාම ඉහළ මට්ටමේ පවතින තක්කාලි ගෙඩි පමණක් කඩා වෙළඳ පොළට රැගෙන යන බවද ඔවුහු පවසා තිබේ.

මේ දිනවල තක්කාලි කිලෝවක් රුපියල් දහයකට අලෙවි වෙද්දී තක්කාලි අස්වැන්න නෙලීම සඳහා  කුලී කම්කරුවෙකුට   දිනකට රුපියල් 1500 ක මුදලක් වැය වෙන බවත් එම ශ්‍රමිකයාගේ වැටුප් ගෙවීම සඳහා පමණක් තක්කාලි කිලෝ 150ක ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ නිසා බොහෝ දෙනා තම තමන්ගේ මහන්සියෙන් එදිනෙදා වියදම් සඳහා තක්කාලි අස්වැන්න නෙළාගෙන වෙළඳ පොළට රැගෙන යන බවත් තක්කාලි ගොවීහු සඳහන් කර තිබේ.

තක්කාලි වගා කිරීම සඳහා අති විශාල පිරිවැයක් ගොවීන්ට දරන්නට සිදුව ඇති බව ද ඔවුහු පෙන්වා දී තිබේ.

බිම් සැකසීම බීජ තාවන් දැමීම මෙන්ම තක්කාලි වගාව සඳහා අවශ්‍ය තෙල්, පොහොර ,පැල  සිටවීම ,වල් ඉවත් කිරීම විශාල වශයෙන් රසායනික දව්‍ය එසේම ආදී අති විශාල මුදලක් වියදම් කොට අවසානයේ දී තම අස්වැන්න විසිකර දැමීමට සිදුවීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ තක්කාලි ගොවීහු වැඩිදුරටත් පවසා තිබේ.

The post තක්කාලි ගොවීන් අසීරුතාවයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();