පසුගිය රජය සමයේ උද්ඝෝෂකයින්ට උණ්ඩයෙන් පිළිතුරු ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙට (05) පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වන ලෙස ජනතාවට ආරාධනා කිරීම විහිළුවක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුයේ කෑගල්ල මහ රෝහලේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
රතුපස්වල දී ජලය ඉල්ලා විරෝධතාවයේ නිරත වූ අහිංසක ගම්වැසියන්ට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු ලබාදීම, නිදහස් වෙළෙද කලාපයේ උද්ඝෝෂකයින්ට වෙඩි තැබීම, ධීවර උද්ඝෝෂණ වලට වෙඩි තැබීම සිදු කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මතයි. එවැනි අතීතයක් සහිත හිටපු ආරක්ෂක ලේකම්වරයා විරෝධතා ව්‍යාපාරයකට එක්වන ලෙසට ජනතාවට ආරාධනා කිරීම ලැඡ්ඡා සහගතය. මෙමගින් පෙනී යන්නේ ඔහුට ලැඡ්ඡාවක් නොමැති කමයි. පසුගිය රජය සමයේ සිදු කළ මනුෂ්‍ය ඝාතන, මහා පරිමාණ දුෂණ වංචා හෙළිවෙමින් නීතිය අකුරට ක්‍රියාත්මක වෙයි. එවැනි වකවානුවක නීතියට බියේ සිටින මෙම පුද්ගලයින් සිදු කළ භීෂණය ජනතාවට අමතක නැත. ජනතාව සිටින්නේ නිදහස උදා කළ වත්මන් රජය සමගයි. ඉදිරි වසරක කාලය තුල පසුගිය රජය සමයේ මනුෂ්‍ය ඝාතන, දුෂණ වංචා සිදු කළ පුද්ගලයින්ට සිදු වන්නේ කුමක් දැයි රටම බලාගෙන සිටන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
The post ගෝඨාට, රාජිතගෙන් පිළිතුරු. appeared first on Lanka News Column.
0 Comments