ආණ්ඩුව විශේෂ අධිකරණය උපයෝගී කරගනිමින් දේශපාලන පළිගැනීම් සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
මීරිගම ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ පහළ තලයේ සිට ඉහළ තලය දක්වාම පීඩනයට පත්වන යුගයක් මින් පෙර කිසි දිනෙක නොතිබූ බවයි.
රට ගොඩනැඟීම සඳහායයි කියමින් පැමිණි ආණ්ඩුව එය පැත්තකින් තබා ආණ්ඩුව පළිගැනීම් පමණක් සිදු කරන බවත් දේශපාලන අධිකරණ පිහිටුවමින් එක් කණ්ඩායමකට එරෙහිව පමණක් නඩු දැමීම සඳහා මෙම අධිකරණ පාවිච්චි කිරීමට කටයුතු කරමින් සිටින බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
The post ආණ්ඩුව මගෙන් පළිගන්නවා – මහින්ද කියයි. appeared first on Lanka News Column.
0 Comments