ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව සඳහන් වේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර ඇත්තේ, සුනඛ එන්නත් කිරීමේ ක්‍රියාවලිය වසර දෙකක සිට අඩපණ වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ය.
ජලභීතිකා රෝගය වැළඳීම හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ මරණ 13ක් වාර්තා වී ඇති බවත් පසුගිය වසරේ එම සංඛ්‍යාව 23ක් බවත් පැවසේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දත්ත අනුව මේ වසරේ සුනඛයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට පමණක් ජලභීතිකා මර්දනයට එන්නත් කර ඇති අතර එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට සුනඛ ගහණයෙන් 80%ක් එන්නත් විය යුතු බව සඳහන් වේ.
නවතම සංඛ්‍යාලේඛන අනුව මේ වන විට මෙරට සුනඛ ගහණය ලක්ෂ 20කට අධික බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, මීට වසර දෙකකට පෙර කැබිනට් පත්‍රිකාවක් මගින් සුනඛ එන්නත් කිරීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව යටතට පත් කර ඇති බව ය.
එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
The post ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක්. appeared first on Lanka News Column.
0 Comments