ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ ඇගැයීමට ලක් කරමින් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය වසර දෙකකට වරක් සංවිධාන කරන ගුවන් හමුදා වර්ණ රාත්‍රියේ දී 2016 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජූඩෝ ක්‍රීඩක ආර්.සී.එම්.ධර්මවර්ධන හා 2017 දක්ෂතම ක්‍රීඩකයා ලෙස පාපැදි ශූර පී.ජේ.එම්.ජේ. සිල්වා සම්මාන ලැබූහ.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ඊගල් ලේක්සයිඞ් උත්සව ශාලාවේදි පසුගියදා පැවැති මේ වර්ණ රාත්‍රියේදි ධර්මවර්ධනට සහ සිල්වාට ගෲප් කැප්ටන් රොජර් වීරසිංහ අනුස්මරණ කුසලානය හිමිවිය.
මීට අමතරව 2016 වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වොලිබෝල් ක්‍රීඩිකා ජේ.එච්.ඩී.ප්‍රසාදිනි හා 2017 වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මළල ක්‍රීඩිකා ඩබ්.කේ.එල්.ඒ. නිමාලි ෆ්ලයිටි ලෙෆ්ටිනන් ප්‍රියා අබේවීරගුණවර්ධන අනුස්මරණ කුසලානය හිමිකර ගත්හ.
ගුවන් හමුදා ඒකළ පුහුණු පාසල 2016 වසරේ හොඳම ක්‍රීඩා කඳවුර ලෙසත්, 2017 වසරේ හොඳම ක්‍රීඩා කඳවුර ලෙස ගුවන් හමුදා කොළඹ කඳවුරත් වර්නන් රාජපක්ෂ කුසලානයට හිමිකම් කීහ.
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල සභාපති කුසලානය 2016 වසරේදි කාන්තා වොලිබෝල් කණ්ඩායමට හා 2017 වසරේදි කාන්තා මළල කී‍්‍රඩා කණ්ඩායමට හිමිවිය. 2016 වසරේදි පිරිමි පාපැදි කණ්ඩායම හා 2017 වසරේදි පිරිමි පැසිපන්දු කණ්ඩායම ද කුසලාන දිනාගත්තේය.
ගුවන් හමුදාවේ බලලත් නිලධාරි එස්.එම්.ඩී. රුවන් කුමාර (කළමනාකරු පාපැදි) 2016 වර්ෂය සඳහා වසරේ විශිෂ්ටතම ක්‍රීඩා කලමනාකරු ලෙස සම්මාන දිනාගත් අතර, 2017 වර්ෂය සඳහා ප්‍රධාන බලලත් නිලධාරි ජී.ඒ.පී.එන්. කරුණාතිලක (කළමනාකරු කබඩි) සම්මාන ලැබූහ.
ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
0 Comments