Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා හොකී නිලවරණයට විරෝධතා.

Hocky_Press
ශ්‍රී ලංකා හොකී සංගමය විසින් 2018 වසරේ නිලවරණය ඔක්තෝම්බර් මස 08 වනදා කැඳවා ඇති අතර එහි තනතුරු කිහිපයක් සඳහා තරඟ කරන පුදගලයන් කිහිපදෙනෙකුට සහ ඊට ජන්දය ලබාදීමට සුදුසුකම් ලබාසිටින කණ්ඩායම් දෙකකට විරුද්ධව මේ වන විට විරෝධතා ගොනුකර පවතී. ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා හැව්ලොක් BRC ක්‍රීඩා සමාජයේදී පැවැත්විණි. එහි තනතුරු කිහිපයක් සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයන්ට  සහ කණ්ඩායම් දෙකකට විරුද්ධව විරෝධතා පලකල, කණ්ඩායම් විසින් මෙම මාධ්‍ය සාකච්ජාව කැඳවා තිබුණි. කොළඹ හොකී සංගමය, වෙළඳ සේවා හොකී සංගමය, නුවර හොකී සංගමය, යාපනය හොකී සංගමය සහ මාතලේ හොකී සංගමය යන සංගම් එක්ව මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.
එහිදී අදහස් දැක්වූ පිරිස් පවසා සිටියේ පැන නැගී ඇති නුසුදුසුතා කිහිපයක් පදනම්කරගෙන හොකී නිලවරණයේ ලේකම් ධූරය සඳහා තරඟ වදින සුමිත් එදිරිසිංහ එම තනතුරට නුසුදුස්සෙකු බවයි. ඒ බව වෙළඳ සේවා හොකි සංගමයේ සභාපති මංජුල විජේමාන්න මහතාගේ අත්සනින් යුතු ලිපියක් ශ්‍රී ලංකා හොකී සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යොමුකරමින් මේ පිළිබඳ වැඩි දුරටත් කරුණු දක්වා ඇත. ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ හිටපු සභාපතිවරයා වන සුමිත් එදිරිසිංහ  ක්‍රීඩා නීති හා රෙගුලාසි උල්ලංඝනය කිරීම, නිල කාල සීමාවකදී නිශ්චිත කාලසීමා සඳහා විපරීත මූල්‍ය ප්‍රකාශ ලබානොදී ඇති බවත් ඒ අනුව 2013, 2014, 2015 යන වර්ෂ සඳහා සුමිත් එදිරිසිංහ විපරීත මූල්‍ය ප්‍රකාශ ලබාදී නොමැති බැවින් ක්‍රීඩා පනතේ වගන්ති අනුව සුමිත් එදිරිසිංහ හොකී සංගමයට අනුබද්ධ සංගමයක නමිකයෙකුවීමට නුසුදුස්සෙකු වන බැවින් ඔහු විසින් 2018 හොකී නිලවරණය සඳහා ඔහු විසින් යෝජිත සියලු නාමයෝජනා සහ ස්ථිර කරන ලද සියලු නාම යෝජනා සහ ඔහුගේ නාමයෝජනවද ප්‍රතික්ෂේප කරන ලෙස වෙළඳ සේවා හොකි සංගමයේ සභාපති මංජුල විජේමාන්න යොමුකළ ලිපියේ උපුටා දක්වමින් මංජුල විජේමාන්න එම මාධ්‍ය හමුවේදී කරුණු සඳහන් කළේය.
එසේම ඉහත නිලවරණයේ උප සභාපති ධූරය සඳහා තරංග වදින ජේ.ඒ.පී. ජයසිංහ ද එම තනතුරට තරංග වැදීමට තරම් සුදුස්සෙකු නොවන බවද කරුණු සහිත ලිපියක් ශ්‍රී ලංකා හොකී සංගමයේ නිසි බලධාරියා වන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමුකරමින් අදාළ කරුණු දක්වා ඇත. ජේ.ඒ.පී. ජයසිංහ මීට පෙර හොකී සංගමයේ ලේකම් ධූරය දරනු ලැබූ කාල සීමාව තුලදී ක්‍රීඩා පනතේ 4A  කොටසේ, (න) ජේදයට අනුව සහ 6A කොටසේ (XV) සහ XVI) වගන්ති අනුව ක්‍රියා කර නොමැති බැවින් එවැනි පුද්ගලයෙකු ජාතික සම්මේලනයේ හෝ ජාතික සංගමයකට අනුබද්ධිත සංගමයක නාමිකයෙකු වීමට නුසුදුසු බවද එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළකෙරිණි.
මීට අමතරව මාතර සහ රත්නපුර දිස්ත්‍රික් හොකී සංගම් සඳහා මෙවර නිලවරණයේදී ජන්ද බලය ලබාදීමට සහ නියෝජනය කිරීමට  ලබාදෙන තීරණයටද කොළඹ හොකි සංගමය සිය විරෝධතාවය දක්වා ඇත. ඒ අනුව කොළඹ හොකී සංගමයේ සභාපති සුරේන් විජේරත්නගේ අත්සනින් යුතුව පසුගිය අගෝස්තු මස 01 වැනිදා හොකී නිලවරණ කමිටුව වෙත යැවූ ලිපිය තුලින් ඒ පිලිබඳ කරුණු සහිතව සිය විරෝධය ඉදිරිපත්කර ඇත. ඒ අනුව මාතර සහ රත්නපුර හොකී සංගම් දෙක වෙත විරෝධතා දැක්වීමට පොදු හේතු මෙසේ දක්වා ඇත. එනම්, මාතර සහ රත්නපුර සාමාජිකත්වය ලැබීමට අවම සුදුසුකම් හෝ නොතිබීම, අභියාචනාධිකරණය වෙත ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා රත්නපුර සහ මාතර දිස්ත්‍රික් හොකී සංගම් ක්‍රියාකාරී සංගම් නොවන බව සහතික කිරීම, ව්‍යාජ කණ්ඩායම් යොදාගෙන ජාතික ශූරතාවලි තරඟ නියෝජනය කිරීම, 2018 ජාතික ශුරතා තරඟාවලියේදී මාතර දිස්ත්‍රික්කය තරඟ පාවාදීමේ චෝදනා ලබා ඇති බවද වෙළඳසේවා හොකි සංගමයේ සභාපති සුරේන් විජේරත්න මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

The post ශ්‍රී ලංකා හොකී නිලවරණයට විරෝධතා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();