රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සංවිධානාත්මකව ඝාතන සහ දූෂණ සිද්ධීන් සැළසුම් කළ බවට ඇමරිකා එක්සත් ජනපදය මියන්මාර හමුදාවට චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මියන්මාරයේ ගැටුම් නිසා බංග්ලාදේශයට පලාගිය හත්ලක්ෂයකට ආසන්න රොහින්ග්‍යා සරණාගතයන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව වාර්තාවක්ද ඵල කර ඇත.
අදාළ වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් පසු මියන්මාරයට එරෙහිව ඇමරිකාව නව සම්බාධක පනවනු ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
0 Comments