Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වියට්නාම අනවසර යාත්‍රාව ඕස්ට්‍රේලියාවට ඇතුළු වූයේ කෙලෙසද යන්න ගැන පරීක්ෂණ.

Vietnam_03

පසුගිය අගෝස්තු 26 වැනිදා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ඩේන්ට්‍රි ආසන්න ප්‍රදේශයකට සේන්දුවූ වියට්නාම අනවසර සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාව ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බළකායේ දැඩි ආරක්ෂණ විධිවිධානවලින් මිදී එරටට ඇතුළු වුයේ කෙලෙසද යන්න ගැන ඕස්ට්‍රේලියා බලධරයන් අවධානය යොමු කර ඇතැයි එරට ආගමන හා විගමන අංශ පවසයි.

තමන්ගේ මුහුදු සීමාවට ඇතුළුවන යාත්‍රා සම්බන්ධයෙන් දැඩි විමසිල්ලකින් පසුවන ඕස්ට්‍රේලියාව නිත්‍යානුකුල නොවන ආගමන, කල්වේලා ඇතිව හඳුනාගන්නා බවත්, වියට්නාම බෝට්ටුව ගොඩබට ප්‍රදේශයේ ක්‍රියාත්මක සමුද්‍ර ආරක්ෂණ විධිවිධාන පිළිබඳ පැහැදිලි කරන දේශසීමා ආරක්ෂණ බළකා යාත්‍රාවක් වන ‘චාළී ‘ හි අණ දෙන නිලධරයා කියයි.

“අපේ දේශ සීමා ආරක්ෂණ හා සංක්‍රමණික ප්‍රතිපත්ති කිසිදු ලෙසකින් ලිහිල්ව හෝ වෙනස්ව නෑ. එම ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් අයුරින් ක්‍රියාත්මකයි” යැයි ඔහු සිහිපත් කරයි.

වියට්නාමයෙන් ඔස්ට්‍රේලියාව බලා සෘජුව ම පැමිණ ඇති මෙම පිරිස කිසිදු රැඳවුම් කඳවුරක නොරඳවන බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සියලු දෙනාම වියට්නාමයට නැවත පිටුවහල් කරන බවත් ඔස්ට්‍රේලියා බලධාරීහු පවසා සිටියහ.

ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතා පැමිණි පුද්ගලයන් මුහුදෙන් එතෙර නාවුරු සහ පැපුවා නිව් ගිනිහි මැනුස් දුපත්වල පිහිටි මධ්‍යස්ථාන වෙත මීට පෙර යැවිණි. එනමුදු ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඩේන්ට්‍රි ආසන්න ප්‍රදේශයකට පසුගිය අගෝස්තු 26 වැනි දා සේන්දුවූ යාත්‍රාවේ සිටි ගැහැනු, පිරිමි හා දරුවන් ගෙන් සමන්විත වියට්නාම අනවසර සංක්‍රමණිකයන් 17 දෙනා වෙන ම ගුවන් යානයකින් වියට්නාමය බලා නැවත පිටත් කර හැරි බව ඔස්ට්‍රේලියා ආගමන හා විගමන අංශ කියයි.

වසර හතරකට පමණ පසු ඔස්ට්‍රේලියාවේ ඩේන්ට්‍රි ආසන්න ප්‍රදේශයකට සරණාගතයන් රැගත් බෝට්ටුවක් පැමිණීමත් සමඟ ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බළකාය සිය මෙහෙයුම් දැඩි කර ඇති බවද  ඔස්ට්‍රේලියාව පවසයි.

The post වියට්නාම අනවසර යාත්‍රාව ඕස්ට්‍රේලියාවට ඇතුළු වූයේ කෙලෙසද යන්න ගැන පරීක්ෂණ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();