Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහකොමසාරිස්ට පහරදුන් අයට දඬුවම් නියම වෙයි.

court-hammer

මැලේසියාවේ, ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ තිදෙක්ට එරට අධිකරණයක් විසින් එක් අයෙකුට මැලේසියානු රුපියල් 9500ක (රුපියල් 387000) බැගින් දඩයක් පනවා ඇති බව වාර්තා වේ.

මැලේසියාවේ, ශ‍්‍රී ලංකා මහකොමසාරිස්වරයාට පරහදීම ඇතුළු චෝදනා හතරකට මොවුන් වරද පිළිගෙන තිබේ.

නඩුවේ චූදිතයන් වූ කලෛයිමුගිලන්, වී.බාලමුරුගන් හා රාගුනාදන් හට නීති විරෝධී රැස්වීමකට සහභාගී වීමේ වරදට මැලේසියානු රුපියල් 2500 ක දඩයක් නියම කර ඇති බවත්  තර්ජනය කිරීම හා මැලේසියාවේ, ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර්ගේ උපැස් යුවලට හානි කිරීමේ වරදටමැලේසියානු රුපියල් 3000 ක දඩයක් නියම කර ඇති බව පැවසේ.

ක්වාලාලාන්පූර් ගුවන් තොටුපොළේදී කලහකාරීලෙස හැසිරීමේ වරදට මැලේසියානු රුපියල් 3000 ක දඩයක් හා ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් පරදීමේ වරදටමැලේසියානු රුපියල් 1000 ක දඩයක් ද නියම කර තිබේ.

2016 වසරේ සැප්තැම්බර් 04 වන දින මැලේසියාවේ, ක්වාලාලාන්පූර් ගුවන් තොටුපොළේදී ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් ට පිරිසකගේ ප්‍රහාරයට ලක්විණි.

The post මහකොමසාරිස්ට පහරදුන් අයට දඬුවම් නියම වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();