Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුරු වැටුප් ගැටලු විසඳීමට අමාත්‍යාංශයෙන් යෝජනාවක්.

Akila_Viraj

ගුරු සේවයේ මතුව ඇති වැටුප් පිළිබඳ ගැටළු විසඳීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් යෝජනාවක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ සඳහා යෝජනා ලබාදෙන වෘත්තීය සමිති ඇතුළු පාර්ශවයන්ගේ අදහස් ද සැලකිල්ලට ගන්නා ලෙස උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා, වසර ගණනාවක් තිස්සේ නිසි ක්‍රමවේදයකින් තොරව ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට ගුරුවරුන්ට සිය වැටුප් සම්බන්ධයෙන් විවිධ විෂමතාවන් මෙන් ම හිඟ තත්වයන් මතුව ඇති බව ද සඳහන් කළේය.

ඒ අනුව, ගුරුවරුන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා වන පරිදි ඔවුන් මුහුණ දෙන වැටුප් විෂමතා පිළිබඳ ගැටළු විසඳීම පිළිබඳ යෝජනාවක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී වෘත්තීය සමිති සාමාජිකයන් සහ අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

The post ගුරු වැටුප් ගැටලු විසඳීමට අමාත්‍යාංශයෙන් යෝජනාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();