Ticker

6/recent/ticker-posts

Header Ads Widget

24වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක්.

Bus_Strike

බස් ගාස්තුව සියයට 10 කින් ඉහළ දමා රුපියල් 12ක් වන අවම ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව දින හතක් තුළ පියවර නොගතහොත් ලබන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ පෞද්ගලික බස් රථ වර්ජනයකට එළැඹීමට සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය ඊයේ තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කර සිටී. නාරාහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ අංජන ප්‍රියන්ජිත් මාස දෙකක් තුළ ආණ්ඩුව ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩිකිරීම හේතුවෙන් කෙටි දුර බස් ධාවකයන්ට දිනකට රුපියල් 1000 සිට 1200 දක්වා සහ දුර සේවා බස් ධාවකයින්ට දිනකට රුපියල් 1500 සිට රුපියල් 3000 දක්වා පාඩුවක් සිදුවන බවද සඳහන් කරයි.

මේ වසරේ මැයි මාසයේ සිදුවූ බස් ගාස්තු සංශෝධනයෙන් අනතුරුව ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00 කින් වැඩි කළ පසුව පෞද්ගලික බස් සේවා විශල පාඩු පිට පවත්වා ගෙනයාමට සිදුවූ බවත් එසේ තිබියදී නැවතත් ඩීසල්  ලීටරයක මිල රුපියල් 5 කින් වැඩි කළ බවත්, එම වැඩි වීම් බස්හිමියන්ට දරාගත නොහැකි බවත් ඔහු පැවසීය.

එමෙන්ම පෞද්ගලික බස් හිමියන් විසින් බස් ව්‍යාපාරය පවත්වා ගෙනයනු ලබන්නේ ආණ්ඩුවේ සත පහක ආධාරයක් නොමැතිව බව පැවසූ අංජන ප්‍රියන්ජිත් මේ ආණ්ඩුව පෞද්ගලික බස් ව්‍යාපාරය විනාශ කිරීමට කටයුතු කරන බව කීවේය.

කන් නොඇසෙන ඇස් නොපෙනෙන මැති-ඇමතිවරුන්ගේ ඇස් අරවන්නටත් කන් අසවන්නටත් බස් වර්ජනය හැර වෙනත් ක්‍රමවේදයක් නොමැති බවද ඔහු පැවසීය.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු කරුණු දක්වමින් බස්හිමියන් සියයට 10ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින්නේ මාස දෙකක් තුළ වැඩිවූ ඩීසල් මිලට පමණක් බවද කීය.

බස් ධාවනය පවත්වා ගෙනයාමට නොහැකි තරමට බස්හිමියන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී තිබෙන බව පැවසූ ස්ටැන්ලි ප්‍රනාන්දු  බස්හිමියන් ඉල්ලා සිටින සියයට දහයක බස් ගාස්තුව නොදුන්නොත් සංගමය රැස්වී ගාස්තු වැඩිවීමකට යන බව කීවේය. ඒ අවස්ථාවේ හැකි නම් බලපත්‍ර අවලංගු කරන ලෙස රජයට අභියෝග කරන බවද ඔහු පැවසීය.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සම්පත් රණසිංහ  කරුණු දක්වමින් ඩීසල් මිල රුපියල් 14 කින් වැඩිවීම බස්හිමියන්ට දරාගැනීමට නොහැකි බවත්, මෙම ඩීසල් වැඩිවීමට අනුව බස්ගාස්තු වැඩිවීමක් ලබාගැනීමට බස්හිමියන්ට අවස්ථාව තිබෙන බවත් පැවසීය.

The post 24වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();