ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් සිදු කිරීමේ කාලය මේ වනවිට එළඹ ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටී. ඒ සඳහා ඩිජිටල් පන්ති කාමර දෙසීයක් පමණ මේ වසරේ දී ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ළඟම පාසැල හොඳම පාසැල ව්‍යාපෘතිය යටතේ දොම්පේ දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගීවෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළේය.
කොළඹ පාසැලක අධ්‍යාපනය ලබාදෙන විට ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ තවත් පාසැල් දහයක පමණ දරුවන්ට එම අවස්ථාවට සහභාගී විය හැකි බවත් ඔවුන්ට ප්‍රශ්න අසමින් වඩාත් ක්‍රියාකාරීව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව එමගින් හිමි වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
වත්මන් රජය අධ්‍යාපනය සඳහා විශාල කැප කිරීමක් සිදු කළ ද ඇතැම් පළාත් සභා මගින් උපාධිධාරීන් බඳවා ගනිමින් ඔවුන්ව දැනුමක් නොමැති වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා යොදවන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවස මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම ක්‍රමවේදයන් වෙනස් කළ යුතු බව එහිදී සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, වත්මන් රජය දේශපාලන සම්බන්ධතා මත ගුරුවරුන්, විදුහල්පතිවරුන් හෝ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් බඳවා ගැනීම සිදු කර නොමැති බවද මෙහිදී පෙන්වා දුන්නේය.
The post ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් සිදු කිරීමේ කාලය එළඹිලා.. appeared first on Lanka News Column.
0 Comments