පසුගිය රාජපක්ෂ සමයේ, ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනකුට අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කර ඇති අතර රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට ද අධිකරණය නියෝග කර තිබේ.
සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
එමෙන්ම එලෙස ඇප නියමු වූ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7දෙනාට විශේෂ මාහාධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා ඇතැයිද වාර්ථා වේ.
The post ගෝඨාට අධි චෝදනා සමඟ විදෙස් ගමන් තහනමක්. appeared first on Lanka News Column.
0 Comments