Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්දට හතර අතින් බලපෑම්.

mahinda chairman
බැසිල් රාජපක්ෂ මීලඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් මේ වනවිට හිටපු ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් ඊයේ හිටපු ජනාධිපතිවරයා හමු වී ඇති අතර බැසිල් රාජපක්ෂ නොමැතිව ඒකාබද්ධ විපක්ෂයට හෝ පොදුජන පෙරමුණට කිසිදු අනාගතයක් නොමැති බව ඔවුන් අවධාරණය කර ඇතැයි පැවසේ.
පසුගිය 05 වැනිදා පැවති ජනබලය කොළඹට විරෝධතාවය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගේ විවේචන එල්ල වී ඇති අතර එහිදී නාමල් රාජපක්ෂ  දැඩි විවේචනයට ලක්ව ඇති බවත් ඔවුන් පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ එම විරෝධතාවයට නායකත්වය ලබා දුන්නේ නම් මීට වඩා විශාල ප්‍රමාණයක් පාක්ෂිකයන් සහභාගි කර ගැනීමට හැකියාව තිබූ බවත් යැයිද එසේම මීට වඩා සංවිධානාත්මක ලෙස, සාර්ථක ලෙස විරෝධතාවය පැවැත්වීමට හැකි වන බවත් ඔවුන් පවසා තිබේ.
05 වැනිදා කොළඹට 35,000 ක් පමණ පැමිණි බවට ඒකාබද්ධ විපක්ෂය ගණන් බලා ඇති බවත් විරෝධතාවයේ සංවිධායකයන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් පසුදා වනතෙක් කොළඹ රැඳී සිටින බවයි. කෙසේ වෙතත් පැමිණි බහුතරයක් රාත්‍රිය එළඹීමට පෙර කොළඹින් පිට වූ අතර එය සංවිධානයේ දුර්වලතාවයක් බව ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ මතය වී ඇති බවත් සඳහන් වේ.
මේ වනවිට ඒකාබද්ද විපක්ෂයේ දේශපාලනඥයන්ට අයත් වෙබ් අඩවි හරහා සහ සමාජ මාධ්‍ය හරහා නාමල් දැඩිලෙස විවේචනය කිරීම ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ බැසිල් නොමැතිව කිසිවක් කළ නොහැකි බවට ඒකාබද්ධ විපක්ෂයට හා මහින්ද රාජපක්ෂට ඒත්තු ගැන්වීම බව පැවසේ.
ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි එකම අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ  බවත් ඔහුට ඉදිරිපත්විය නොහැකි නම් ඒ සඳහා ඇති එකම විකල්පය බැසිල් රාජපක්ෂ බවත් ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ මතය බවට පත්ව තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

The post මහින්දට හතර අතින් බලපෑම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();