අගමැතිවරයෙකුට තිබිය යුතු සුදුසුකම් අගමැති රනිල් වික්රමසිංහට නොමැති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටී. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට පනවා ඇති නඩුව අද(10) විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර පසුගිදා ජනබල වීරෝධතාවයට එක්වු පිරිසක් වෙත ලබා දුන් කිරි පැකට් විෂ වීම සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත් වන ලෙස ද හිටපු ජනාධිපතිවරයා රජයෙන් ඉල්ලා සිටියි.
එමන්ම මෙම විෂ සහිත කිරි පැකට් බෙදාහැර ඇත්තේ මුදල් අමාත්යංශකට අදාළ වෑන් රථයකින් බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
The post මහින්ද කියන රනිල්ට නැති සුදුසුකම්. appeared first on Lanka News Column.
0 Comments