සමෘද්ධි සේවකයින්ගේ පළිගැනීමට ආණ්ඩුව සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්ට දුන් මාරුව තරයේ හෙළාදකින බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,
සමෘද්ධි සේවකයින්ගේ පලිගැනීමට ආණ්ඩුව සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්ට දුන් මාරුව තරයේ හෙළාදකිමු.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ලද ජේ. දඩල්ලගේ මහතාට අද දින සමාජ සුබසාධන අමාත්‍යාංශ ලේකම් විසින් හදිසි ස්ථාන මාරුවක් ලබාදී ඇත. පසුගිය ආණ්ඩුව ගෙනා දිවිනැගුම පනත හරහා 22000 කට ආසන්න සමෘද්ධි සේවකයින් විශාල සේවක ගැටලූ රැසකට මේ වන විට ලක්කර ඇති අතර පවතින එම ගැටලූ නිරාකරණය කිරීම සඳහා මෙම අධ්යක්ෂ ජනරාල් විසින් සක්‍රීයව කටයුතු කර සිටියදී ආණ්ඩුව සමෘද්ධි සේවකයින් පිළිබඳ තිබෙන අමනාපකම් හේතුවෙන් ගැටලූ විසඳනවාට අකමැත්තෙන් මෙම හදිසි ස්ථාන මාරුව ලබාදී ඇති බව අපට හැඟී යයි.
තවද වර්තමාන ආණ්ඩුව 2015 ජනවාරි 08 බලයට පත්වීමෙන් පසු අධ්යක්ෂ ජෙනරාල්වරු 7 දෙනෙකු කටයුතු කර ඇති අතර වසර 3 ක් වැනි කෙටි කාලයක් තුල මේ ආකාරයෙන්ම අධ්යක්ෂ ජනරාල්වරු ආණ්ඩුව විසින් මාරු කර ඇත. මෙම මාරුව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම භාරගත යුතු අතර මේ වන විටද සමාජ සුබසාධන අමාත්‍යාංශ ලේකම්වරයාගේ කාර්යාලය ඉදිරිපිට සේවකයින් විරෝදය පලකරමින් සිටී. උද්ගතව ඇති මෙම තත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු අතර මෙම ස්ථාන මාරුව අප තරයේ හෙළා දකින බවත් මෙම ස්ථාන මාරුව වහා අවලංගු කරන මෙන් ආණ්ඩුවට අප මෙයින් තරයේ අවධාරණය කරමු.
The post සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්ට දුන් මාරුව තරයේ හෙළාදකින බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කියයි. appeared first on Lanka News Column.
0 Comments