Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහරගම නගරාධිපති සේවකයින්ගෙන් සමාව ගනී.

Maharagama_01

මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් විසින් පසුගිය 06 වනදා නගරසභාවේ විදුලි සේවකයින් සිව් දෙනෙකුට කළ පහරදීමකට විරෝධය පෑම සඳහා සභාවේ සියලුම සේවකයින් සේවා කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් නගරසභා කටයුතු පසුගිය දින කිහිපයේදීම අකර්මණ්‍ය වී තිබිණි. නගරාධිපතිවරයා ඔවුන්ව ඔහුගේ නිල කාමරයට කැඳවා, එහි දොරගුළු ලා, තමන්ට අසභ්‍ය වචනයෙන් බැණවැදී අතින් පයින් පහරදුන් බවටත් තමන්ව දණ ගස්වා තැබූ බවටත් සේවකයින් විසින් චෝදනා එල්ල කර ඇති අතර පහරකෑමට ලක්වූ සේවකයින් සිව්දෙනා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබිණි.

කෙසේ වෙතත් අවසානයේ සභාවේ ඇතිවී ඇති ගැටළුකාරී තත්වය සමථයකට පත්කරගැනීම සඳහා ඊයේ නගරාධිපතිවරයා සහ සේවකයින් අතර සාකච්ඡාවක් නගරසභා පරිශ්‍රයේදී පවත්වා ඇති අතර  එම සාකච්ඡාවෙන් අනතුරුව, පහරකෑමට ලක්වූ සේවකයින් සිව්දෙනා නගරාධිපතිවරයාගේ නිල කාමරයේදී ඔහුව හමු වී ඇති අතර සේවකයින් පවසා ඇත්තේ නගරාධිපතිවරයා ඔවුන්ගෙන් සමාව ගත් බවයි.

නගරාධිපතිවරයා ද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ සේවකයින් අතින් ද වරදක් සිදුවී ඇති බවත් තමන් අතින් ද වරදක් සිදුවූ බවත් තමන් ඊට සමාව ගත් බවත් දෙපිරිසම දෙපිරිසට ම සමාව දී ගැනීමෙන් ගැටළුව නිමවී සභාවේ කටයුතු යථා තත්වයට පත්වූ බවත් ය.

The post මහරගම නගරාධිපති සේවකයින්ගෙන් සමාව ගනී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();