Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් නටන්නේ කාගේ කීමට ද …?  

Ravi_Away_UNP

ඉන්ධන මිල සම්බන්ධයෙන් ක්‍රියාත්මක මිල සූත්‍රය පිළිබඳ මේ මොහොතේ දී බැලිය යුත්තේ එය රට තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ ද යන්න බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසා සිටී.

මේ අවස්ථාවේ බැලිය යුත්තේ තෙල් මිල වැඩිවීම නොවන බවත් අද තෙල් මිල අඩු වුවත් ශ්‍රී ලංකාව තුළ ඇති ස්වරූපයේ දී වැඩිවීමක් මිස අඩු වීමක් සිදු නොවන බව ද ඔහු කියා සිටියේය.  ඊට හේතුව වශයෙන් රවී කරුණානායක පෙන්වා දෙන ලද්දේ රුපියල අවප්‍රමාණය වීමත් සමඟ එහි එක් කොටසක් සම්බන්ධයෙන් මෙම මිල සූත්‍රය ඇතිව තිබීමයි. මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ විශේෂ අදහස් දැක්වීමකට එක්වෙමිනි.

එහිදී මෙම තත්ත්වය පිළිබඳ පැහැදිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක,

“මගේ මතය අනුව ප්‍රථමයෙන්ම මෙවැනි දෙයක් ඇති වෙනවා ද නැද්ද කියනවාට වඩා ඇයි මේක ඇති වුණේ කියන එක බැලිය යුතුයි. මම මුදල් ඇමතිවරයාව සිටියදී මේක ගෙනාවම මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට අපි කිව්වා මේක රටට ඔබින්නේ නැහැ කියලා. මොකද ලංකාවේ වැඩිවෙන දෙයක් වැඩි වුණාට කවදාවත් ඒක අඩුවෙන්නේ නැති නිසා. ඉතිං ඒ ස්වරූපයන් තියාගෙන අපි වැඩි කරලා අඩු වුන දවසට අඩු කලේ නැත්නම් මොකක්ද මේකෙන් තියෙන වාසිය කියලා අපි ප්‍රශ්න කලා. මුදල් ඇමතිවරයාව මෙම සිද්ධිය තුළ දී නිලධාරීන් නොමග යවන ප්‍රතිපත්තියක් තමයි ඇති කරලා තියෙනවා.“

“මේ තුළින් වැඩිම බලපෑමකට ලක්වන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරන මහ බැංකුවයි. මේ අයගේ මේ ප්‍රතිපත්තිය ජනාධිපතිතුමාගේ හෝ අගමැතිතුමාගේ අවශ්‍යතාවය මත සිදු කර ඇති දෙයක් නොවෙයි. ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් තමයි මේ කරලා තියෙන්නේ.  යම් දෙයක් මිල සංශෝධනය විය යුතු නම් එය සිදුවිය යුතුයි. මාස 06කට වරක් මෙහි තිබෙන වැඩිවීම් – අඩුවීම් එකතු කරලා එහි වෙනස්කම් සිදු කිරීමයි අවශ්‍යවන්නේ කියා මා යෝජනා කරනවා. මෙය මීට පෙර අපි කලා. දැනුත් අපට අවස්ථාව ලබා දුන්නොත් පෙන්වා දෙන්න පුළුවන් මෙය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක රුපියල අවප්‍රමාණය වීමේ සම්බන්ධයෙන් ද මෙලෙස පැහැදිලි කළේය.

“මේ රටේ අපනයන වැඩිවිය යුතුය යන මතය තුළ සිටයි රුපියල පාවෙන්න ඉඩ දෙන්නේ. එක පැත්තකින් අමෙරිකන් ඩොලර් එක ශක්තිමත් වෙලා තියෙනවා. නමුත් අපට බිලියන 10ක් සංචිතයක් ලෙස තියෙනවා. සංචිත තියාගෙන ඉන්නේ මෙවැනි අවස්ථාවල එය පාලනය කරලා එයට යම් අයුරකින් ප්‍රතිවිරෝධවක් ඇතිකර දීමටයි. මේ අවස්ථාවේ අපි බැලුවොත් පාවෙන්න දෙන රුපියල තුළින් රුපියල් 11ත් 12ත් අතර ප්‍රමාණයකින්අවප්‍රමාණය වී තියෙනවා. මේ තුළින් අයවැයට වන පාඩුව රුපියල් කෝට් 4400ක්. මේ වෙනුවෙන් ජනතාවට වෙන ගැටලු කියා නිම කරන්න බැහැ.”

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ නටන්නේ කාගේ කීමටද ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්ව පලියට නටන්න අවශ්‍ය නැහැ. මේ හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කැබිනට් එකට පැහැදිලි අවබෝධයක්වත් ලබා දී නැහැ. මිල සූත්‍රය කොපමණ කාලාන්තරයක් කරනවාද කියන එකවත් සලකා බැලිය යුතුයි.

“නැතිනම් හැම මාසෙකම තෙල් මිල වැඩි වෙනවා නම් ඒ තුළින් “තේ” කෝප්පයේ සිට මිල වැඩි වුනොත් ජන ජීවිතය අවුල් වේවි. ඇතමෙක් සමහරවිට මෙයට යෝජනා කරන්න පුළුවන් මිල වැඩි වන විට යම් ප්‍රමාණයකින් වැටුප් වැඩිවීමකුත්, මිල අඩුවෙන විට වැටුප් අඩු කිරීමකුත් සිදු කළ යුතුයි කියා. එවැනි යෝජනාද ලැබිය හැකියි. ඒ නිසා මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු ආකාරය සොයා බැලිය යුතුයි.” යැයි පැවසීය.

 

The post මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් නටන්නේ කාගේ කීමට ද …?   appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();