Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහාවංශය ලියූ මහානාම හිමියන් වැඩ විසූ පිදුරංගල පාදඩ අමනයන්ගේ හා හෙලුවැල්ලන්ගේ කෙලි බිමක් වී තිබෙන හැටි

මහාවංසය ලියූ පිදුරංගලේ නම්බුව?

පිදුරංගල යනු මහාවංශය ලියූ මහානාම හිමියන් වැඩ විසූ පුරාණ දික්සඳ සෙනෙවියා පිරිවෙණ යැයි ප්‍රකට මතයක් පවතින්නකි. අනෙක් පසින් කාශ්‍යප මහරජුගේ භෂ්ම තැන්පත් කළ සෑය පිහිටි ස්ථානය ය. එසේම පස්වැනි සියවසේ කිසියම් කාලයක දළඳාවට නිවැසි ස්ථානයක් වී යැයි ද අදහසක් පවතින තැනකි. ලංකාවේ පැරණිම හුණුබදාමයෙන් හා ගඩොලින් නිර්මිත බුද්ධ ප්‍රතිමාව පිහිටියේ ද එහි ය. උගත් ධර්මධර විනයධර භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් ද විය.
එය පාදඩ අමනයන්ගේ හා හෙලුවැල්ලන්ගේ කෙලි බිමක් වී තිබීම කණගාටුවකි. විනෝද විය යුත්තේ විනෝදස්ථානයන්හි මිස ඓතිහාසික හා ආගමික අගයන්ගෙන් අනූන ස්ථානවල නොවන වග මේ පඩත්තලයන්ට නොතේරීම සංවේගයට කරුණකි.

කරච්චි ප්‍රාදේශීය සභාවෙන් ගඩොල් බැමි ඩෝසර් කරද්දී නගන හඬ, බදූර්දීන් විල්පත්තුව සංහාරය කරද්දී නගන හඬ පිදුරංගල උදෙසා වහා නැගිය යුතුය.

විදේශීය සංචාරකයන් කෙසේ වෙතත් උපන්දා සිට බෞද්ධ පරිසරයක හැදී වැඩුණු පුද්ගලයන් පවා මෙවන් පූජනීය ස්ථාන වල බීමත්කමින් හා අශෝභන අයුරින් හැසිරීම නීතිය මගින් දඩුවම් දීමට පෙර ඔවුනගේ මානසික සිතුවිලි පුනරුත්ථාපනය කිරීමට වඟ බලා ගත යුතු වේ..

නුදුරු අනාගතයේ දළදා මාළිගාව ස්වර්ණමාලී මහා සෑය වැනි පූජනීය ස්ථාන වල සිට හෙළුවැල්ලෙන් ඡයාරූපයට නඟා පළ කරත් ඒ පිළිබඳ පුදුම විය යුතු නැත..

2

3

4



from Gossip Lanka News & Video https://ift.tt/2Dyk75u
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();