Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිට ඇප.

court-hammer

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ උපකරණ විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන විස්සක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. එච්.කේ.මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බව වාර්තා වේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක නියම කර ඇත්තේ එක් එක් සැකකරුවකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරෙන බවයි. එමෙන්ම ඇපකරුවන් අතරින් එක් අයෙකු සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවද මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කළ බව පැවසේ.

අනතුරුව නඩුව දෙසැම්බර් මස 11 වනදා කැඳවීමට අධිකරණය නියම කර තිබේ.

සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති සහතිකය නීත්‍යානුකූල තත්ත්වයක් නොමැති බව දැඩි දෝෂදර්ශනයට ලක් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනතුරුවයි එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ බව සඳහන් වේ.

 හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති වරයා අල්ලස් කොමිෂම මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

The post හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිට ඇප. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();