මාලදිවයින් ජනාධිතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් තමන් ජයග්‍රහණය කල බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ් පවසයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ජනාධිපතිවරණයේ ප්‍රතිවාදි අපෙක්ෂකයා වූ වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමින්ට වඩා 16%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් මැතිවරණයේ ජය තහවුරු කරගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මාලදිවයින් මැතිවරණ කොමිසම මෙතෙක් කිසිදු නිල ජන්ද ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කර නොමැත.
එ් අනුව මාලදිවයින් මැතිවරණ කොමිසම නිවේදනය කළේ, අවසන් නිල ජන්ද ප්‍රතිඵලය මෙ මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.
පසුගිය පාලන සමයේදී මාධ්‍යවේදීන් සිරගත කරමින් ප්‍රජාතන්තවාදි අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ගෙන ගිය පාලනය ප්‍රතික්ෂේප කිරීමට ජනතාව එක්වීමත් සමග මාලදිවයිනේ ප්‍රජාතන්තවාදය තහවුරුවී ඇති බව මින් සනාථ වේ.
0 Comments