Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්දගේ ඇත්ත එළියට.

mahinda chairman

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර බලගතුම ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂව ඉන්දියාවට ගෙන්වා ගෙන ඉදිරි ඉන්දියානු සැලසුම් සඳහා සම්පූර්ණ අනුමැතිය ලබාගෙන ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. මෙහිදී මහින්ද රාජපක්‍ෂද ඉන්දියානු පුවත්පතකට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවෙන්ද මෙම කරුණු හෙළිවී තිබේ.

එම සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් “වත්මන් ඉන්දු ලංකා සම්බන්ධතා ඔබ දකින්නේ කොහොමද? නායකත්වය කියනවා එය තමයි ඔවුන්ගේ සමීපතම සබදතාව කියලා. බොහෝ ගිවිසුම් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ. විශේෂයෙන් එට්කා ගිවිසුම, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සහ මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නැහැ” යනුවෙන් විමසා ඇති ප්‍රශ්නයට පිළිතුරු දී ඇත්තේ “ඔව්, දෙරට අතර ඉතා හොඳ සම්බන්ධතාවක් තිබෙනවා. ඔවුන් කියනවා කලින් තිබුණාටත් වඩා හොඳ සම්බන්ධයක් නායකයන් අතර තිබෙනවා කියලා. එහෙත් මම හිතන්නේ අපේ පැත්තෙන් කතා විතරයි කියලා ආදී වශයෙනි.

එසේම තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීනයේ මැදිහත්වීම් ගැන කියා ඇත්තේ ” අපේ භූමිය අපේ අසල්වැසියාට එරෙහිව යොදා ගන්නට කිසිඳු අවස්ථාවකදී ඉඩ නොදෙන බව අපි ඔවුන්ට කියා සිටියා” යනුවෙනි.

එමෙන්ම මේ වන විට ඉන්දියාව මත්තල ගුවන්තොටුපොළ ලබා ගැනීමට අමතරව ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැනීමටද සූදානම්ව සිටින අතර “එට්කා” ගිවිසුම පැටවීමේ සූදාන්මක්ද සිටියදී මෙම ප්‍රකාශය කර තිබීම අතිශය බරපතලය.

එමෙන්ම බලය ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව මෙම සකච්හාවෙදී අවධාරණය කර තිබීම විශේෂ වන අතර “මැතිවරණයට (2015 ජනාධිපතිවරණය) පෙරත්, පසුවත් අප අතර බොහෝ වැරදි වටහා ගැනීම් ඇති වුණා. ඇත්ත වශයෙන්ම ඉදිරියට යාමට කාලය ඇවිත් තියෙන්නේ කියලා මම හිතුව යනුවෙන් සඳහන් කර තිබේ.

එමෙන්ම මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඇමෙරිකාව සමඟ හොර රහසේම ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කර ඇමෙරිකාව සමඟ හොර රහසේම ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කර ඇමෙරිකානු බලය දකුණු ආසියානු කලාපයට පැතිරවීම සඳහා මෙරට යොදා ගැනීමේ ඉඩකඩ විවෘත කර දෙන ලද්දේ 2008 වසරේදීය. එක්සත් ජනපදය සහ ඉන්දියාව අතරද එවැනිම ගිවිසුමක් අත්සන් කර තිබුණි. එසේ තිබියදී ඉන්දියාව සහ ඇමෙරිකාව අතර තවත් බලගතු ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කරන්නේ පසුගිය සතියේය. මේ තත්වය හමුවේ ලංකාවේ මහින්ද රාජපක්ෂ කොතරම් දුරට ඉන්දීය සහ ඇමෙරිකානු අවශ්‍යතා ඉටු කිරීමට සූදානමින් සිටින්නේද යන්න ” ඉන්දියාවේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවේ ස්ථාවර වීම ඉතා වැදගත්. අපේ දුර්වල ආණ්ඩුවකට එම සහතිකය දෙන්න බැහැ” යනුවෙන් කර තිබෙන සඳහනෙන් පැහැදිලි වේ. මෙයින් නොකියා කියා ඇත්තේ, ඉදිරියේදී රාජපක්ෂවරුන් විසින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ඉන්දීය සහයෝගය අවශ්‍ය බවය.

අතීතයේ ඉන්දියාව සමඟ ගෙන ගිය සබදතා හෙළි කරමින් කියා තිබුණේ “මම හැම තිස්සෙම ඉන්දියාව දැනුවත් කළා. වරාය හදන්න, ගුවන්තොටුපොළ හදන්න, ඒ වගේම මහා මාර්ග, අධිවේගී මාර්ග හදන්න මම මුලින්ම ඇහුවේ ඉන්දියාවෙන්. අපි නිරන්තරෙන් ඉන්දියාවට ආවා. අපි ඔවුන්ට තමයි, මුලින්ම දුන්නේ. ඊළඟට තමයි චීනයට ගියේ” යනුවෙන්ද ප්‍රකාශ කර තිබුණි.

The post මහින්දගේ ඇත්ත එළියට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();