Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් දරුවන්ගේ වගකීම ගැන ඇමති අකිල කියයි.

Akila_Viraj_11

රටේ ජනතාවගෙන් ලබාගන්නා බදු මුදල්වලින් විශාල ප්‍රමාණයක් පාසල් දරුවන් වෙනුවෙන් රජය වියදම් කරන බැවින් ඒ ගැන සිතා තම අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කිරීම පාසල් දරුවන්ගේ වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බදු ගෙවීමේ වටිනාකම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම පිණිස දේශීය ආදායම් කොමසාරිස්වරියක ලෙස කටයතු කරන නදී දිසානායක විසින් රචනා කරන ලද”ලස්සන හෙට දවසක්” ග්‍රන්ථයේ “Alagiyadoor nalayathinam” නම් දෙමළ පරිවර්තනය එළි දැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන පෙළ පොත්, නිල ඇඳුම්, සුරක්ෂා රක්ෂණාවරණය ඇතුළු සියලු දේ නොමිලේ ලබාදෙන්නේ ජනතාවගෙන් මෙලෙස බදු වශයෙන් අය කරගන්නා මුදල් බවයි.

බදු අය නොකර සහනාධාර ලබාදෙමින් ආර්ථිකය පවත්වාගෙන යාම අපහසු බව පෙන්වා දුන් අමාත්‍යවරයා භාණ්ඩ හා සේවාවල මිළ සම්බන්ධව සැලකිලිමත් වෙමින් සෘජු බදු හා වක්‍ර බදු අතර තුලනයක් පවත්වාගෙන යාම  අවශ්‍ය බව ද පැවසුවේය.

The post පාසල් දරුවන්ගේ වගකීම ගැන ඇමති අකිල කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();