Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

Heroin_police News_ Sri Lanka

රුපියල් එක් කෝටි හැට ලක්ෂ හැට දහසක්  වටිනා ඉස්තරම් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි පාකිස්ථානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 35 හැවිරිදි පාකිස්ථානු ජාතික ව්‍යාපාරිකයෙකි.

අදාළ පුද්ගලයා අද  ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි-371 දරණ ගුවන් යානයෙන් මස්කට් හරහා පාකිස්ථානයේ කරච්චි  නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවත්  ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම ඉස්තරම් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 606 ක් සඟවා ගෙන තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

The post හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();