Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්ථාන මාරුවීම් ලබා සේවයට නොඑන වෛද්‍යවරුන්ට වැටුප් නැහැ.

Minister_Rajitha_news 
ස්ථාන මාරුවීම් ලබාදී තිබියදිත් නව සේවා ස්ථානයන්හි සේවයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍යපෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලකට දැනුම් දී ඇත.
එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මුදා නොහරින රෝහල් අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේතවද එම රෝහල් සදහා ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන නතර කිරිමටත් රෝහල් අධ්‍යක්ෂවරයාට උසස්වීම් ලබාදීමේ දී පරිපාලන දක්ෂතාවලට ලකුණු ලබාදීමේ දී මේ පිළීබදව අවධානය යොමු කිරිමටත් තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී මෙම උපදෙස් ලබාදෙන ලදී.
පළාත් සභා රෝහල්වල වෛද්‍ය සහ හෙද හිඟය සදහා ස්ථාන මාරුවීම් ලබාදී තිබිය දි නව සේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන නිලධාරින් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව පළාත් සභා සෞඛ්‍ය බලධාරින් මෙහිදී පෙන්වා දෙන ලදිඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදෙන ලදි.

The post ස්ථාන මාරුවීම් ලබා සේවයට නොඑන වෛද්‍යවරුන්ට වැටුප් නැහැ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();