Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජවිපෙ, පක්ෂ සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා..

jvp

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගෙනා ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නැවත කතාබහක් මතුවූයේ එය පසුගිය 05වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡාවට බඳුන්විය.

“මේ වෙනකොට පෙත්සම් කිහිපයක් 20ට එරෙහිව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පෙත්සම්වල හරය ගත්තාම තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්න්න කියන එකයි ජනමත විචාරණයයි. ඒවා අමුතු දේවල් නෙවෙයි. අපි බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

“මේක ජනතාවට බලපාන ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ නිසා ජනතාවගේ මැදිහත්වීමෙන් මේ සංශෝධනය සම්මත කර ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඇත්තටම  පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් මේක සම්මත කරගන්නවට වඩා ජනතාවගේ සක‍්‍රීය මැදිහත්වීමෙන් සම්මත කරගන්න තියෙනවනම් හොඳයි. මොකද මේකට ජනතාව ඉතාම කැමතියි. ජනතාව අවස්ථා පහකදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඡන්දය දීලා තියෙනවා.” බිමල් රත්නායක කීවේය.

“ඇතැම් ජාතිවාදී කණ්ඩායම් මේ ව්‍යවස්ථා සංශෝධනය ගැනත් ජාතිවාදී බිල්ලෝ මවනවා. ඒක පරාජය කරන්න ඕනෑ. ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කරමු” අනුර දිසානායක කීවේය.

“ඒ වගේම අපි දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමඟත් සාකච්ඡුාවක් කරමු. ඒ විතරක් නෙවෙයි මල්ව තු නාහිමියන්, කාදිනල්තුමන් ඇතුළු ආගමික නායකයින් හමුවෙලා මේ ගැන සාකච්ඡාවක් කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි මේක හංගලා කරන දෙයක් නෙවෙයි. ඕනෑම දෙයක් විවෘතව කතා කරන්නයි අපිට ඕනෑ. එතකොට කොයි වෙලාවෙත් කොරහේ කිඹුලන් දකින කුමන්ත‍්‍රණවලින් විතරක් ඔළුව පුරවගෙන ඉන්න කණ්ඩායම්වලට උත්තර ලැබෙයි”ලාල්කාන්ත කියා සිටියේය.

මේ වනවිට ජවිපෙ ප‍්‍රධාන ලේකම්වරයා විසින් කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ කිහිප යකටත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයටත් සාකච්චාවක් සඳහා ලිඛිතව ආරාධනා කොට තිබේ.

The post ජවිපෙ, පක්ෂ සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();