Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ගැන අනුර කියයි.

Anura_Kumara_Jvp

ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය 19වෙනිදා මල්වතු පාර්ශ්වයේ මහ නායක, පූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහ නායක හිමියන් බැහැ දැකීමට ගියේය. ඒ, ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීම සඳහාය. ජවිපෙ නායකයා තම පක්ෂය විසින් මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට බලපෑ දේශපාලන තත්වය පැහැදිලි කළ අතර වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම පසුගිය ජනාධිපතිවරුද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පොරොන්දු වූ බවත් ජනවරම් 05ක් ඒ සඳහා ලැබී ඇති බවත් සඳහන් කළේය.

“ඒත් පොලිස් බලතල, ඉඩම් බලතල ක‍්‍රියාත්මක කරන්න විධායක ක‍්‍රමය ඕනෑ කියලා නේද කියන්නේ” මල්වතු මහනායක හිමියෝ විමසා සිටියෝය.

“අපි 13 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට පැවරී තියෙන බලතල වෙනස් කරන්න යෝජනා කරන්නේ නැහැ. 20 සම්මත වුණත් ජනාධිපතිතුමා තමයි පළාත් සභාවලට ආණ්ඩුකාරවරුන් පත්කරන්නේ. ඒ නිසා එතන ගැටලූවක් නැහැ ස්වාමින්වහන්ස” අනුර දිසානායක පිළිතුරු දුන්නේය.

මහනායක හිමියන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුව මන්ත‍්‍රීවරයා මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලටද පිළිතුරු ලබාදුන්නේය.

“20න් අගමැති රනිල් මහත්තයට වාසි වෙනවා කියලා බොහෝ අය කියනවා” මාධ්‍යවේදියෙක් විමසීය.

“අපිට රනිල් එක්ක බේරගන්න දෙයක් නැහැ. ඒත් රනිල්ගේ ඇප පිට එළියේ ඉන්න අය තමයි ඔය කතාව කියන්නේ. 20න් වැඩිම වාසි තියෙන්නේ මහින්ද මහත්තයට. මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාටත් මේකෙන් වාසියක් ලැබෙනවා. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහත්තයට මාස 07කට පෙර ආණ්ඩුව නැතිවෙනවා. මොකද 20 සම්මත වෙලා ආණ්ඩුව විසුරුවන්න වෙන නිසා. ඉතිං එහෙම තියෙද්දී රනිල් වාසි කියන අයගේ මොළය පරීක්ෂා කරන්න ඕනෑ. 20ට විරුද්ධ වෙන ඇත්ත ප‍්‍රශ්නේ රාජපක්ෂ කණ්ඩායමේ බල අරගලයයි.” අනුර දිසානායක පිළිතුරු දෙමින් කීය.

“මන්ත‍්‍රීතුමා එතකොට ඔබතුමාලා ජනාධිපති අපේක්ෂකයෙක් දානවද?”

“අපේ මූලික ප‍්‍රයත්නය 20දිනවලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන එක. එය සාර්ථක නොවුණොත් ජවිපෙ ප‍්‍රමුඛව ජනතා බලවේග සමඟ විකල්ප අපේක්ෂකයෙක් ගැන පක්ෂය අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද තවදුරටත් පොදු අපේක්ෂක සංකල්පය වලංගු නැහැ.” මන්ත‍්‍රීවරයා කීය.

“එතකොට කවුද අපේක්ෂකයා” නැවත ප‍්‍රශ්නයක්.

“අපි කලබල විය යුතු නැහැ. මුලින්ම 20 දිනවීමට අපි කටයුතු කරනවා.” මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

“කෙහෙළිය මන්ත‍්‍රීවරයා කිවුවා මේක ජවිපෙ ගෙනාපු එක තමයි ප‍්‍රශ්නේ කියලා”

“අපි කියනවා එයාලට ගේන්න කියලා. අපිට ප‍්‍රශ්නයක් නැහැ කවුරු ගෙනාවත්. අපි අවධානය යොමු කරන්නේ අවශ්‍ය දේශපාලන ක‍්‍රියාමාර්ගය ගැනයි. ඔහු වරෙක එජාපයේ. තවත් විටෙක තව පැත්තක. ඒ වගේ ප‍්‍රතිපත්තියක් නැති අය කියන කතා ගණනකට ගත යුතු නැහැ” මන්ත‍්‍රීවරයා කීය.

The post ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ගැන අනුර කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();